July 14, 2024 9:29 pm
Facebook
Twitter
WhatsApp
අත්‍යවශ්‍යම ඖෂධ රෝහල්වල නැහැ

අත්‍යවශ්‍යම ඖෂධ රෝහල්වල නැහැ

අත්‍යවශ්‍යම ඖෂධ රෝහල්වල නැහැ

තැලසීමියා රෝගීන්ට දෙන ඖෂධ වර්ග ඇතුළු තවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග තුන්සියයක පමණ හිඟයක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ සවස්තා දත්ත පද්ධතියෙන් අනාවරණ වෙයි.

මෙම ඖෂධ වෛද්‍ය සැපයුම් අංශයේ හෝ රෝහල්වල නොමැත. සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත මුදල් දී දේශීය මිලදී ගැනීම් යටතේ හිඟ ඖෂද ගැනීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇත.

ඖෂධ හිඟය පිළිබඳ වාර්තාවක් වෛද්‍ය සැපයුම් අංශය, සෞඛ්‍ය ඇමැතිවරයාට මෙම සතියේ දී ලබාදී ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නොමැති බව වෛද්‍ය සැපයුම් අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සමග දේශීය ඖෂධ නිෂ්පාදකයන්ද මෙම සතියේ සාකච්ඡාවක් පවත්වා ඇතත්, ඵලදායී විසඳුමක් ​නොලැබුණු බවට දේශීය ඖෂධ නිෂ්පාදකයන් චෝදනා කරති.

පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කළේ සෑම සතියකටම වරක් හිඟ ඖෂද සම්බන්ධ වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාර දෙන බවයි.

එම වාර්තාව පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමාලෝචනයක් කර, අදාළ හිඟ ඖෂධ ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය වැඩිදුරටත් සඳහන් කළේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

අත්‍යවශ්‍යම ඖෂධ රෝහල්වල නැහැ

අත්‍යවශ්‍යම ඖෂධ රෝහල්වල නැහැ

අත්‍යවශ්‍යම ඖෂධ රෝහල්වල නැහැ

අත්‍යවශ්‍යම ඖෂධ රෝහල්වල නැහැ