June 15, 2024 12:02 am
Facebook
Twitter
WhatsApp
අදත් මෝටර් රථයක් දුම්රියක ගැටෙයි – එකම පවුලේ සිව් දෙනෙක් නූලෙන් බේරෙයි

අද (07) දහවල් මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ මෝටර් රථයක් ගැටී අනතුරක් සිදුව තිබේ.

හපුතලේ සතිපොළ මාර්ගයේ දුම්රිය හරස් මාර්ගයක දී එම අනතුර සිදුව තිබුණි.

මෝටර් රථය දුම්රියේ ගැටෙනවාත් සමග ඉවතට විසි වී ගොස් ඇති අතර එහිදී සිදුවීමට ගිය විශාල ඛේදවාචකයක් වැළකී ගොස් තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී මෝටර් රථයේ මොනරාගල ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සිව්දෙනෙක් සිට ඇති අතර, ඔවුන්ට කිසිදු තුවාලයක් සිදුව නොමැති බව අප වාර්තාකරු පැවසුවේය.

දුම්රිය ගේට්ටු මුරකරුවෙක් නොමැතිව වීම හේතුවෙන් අනතුර සිදුව තිබේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ බොහෝ අවස්ථාවලදී එම ස්ථානයෙන් දුම්රිය ධාවනය වනවිට ගේට්ටුව විවෘතව පවතින බවය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us