ශ්රී ලාංකික සංචාරකයින්ට අද (01) සිට වීසා නොමැතිව තායිලන්තයට ඇතුළුවීමට අවසර හිමිවෙයි.
ඒ යටතේ දින 60 ක කාලයක් වීසා නොමැතිව තායිලන්තයේ රැඳී සිටීමට අවස්ථාව ලැබෙනු ඇති.
ශ්රී ලංකාව ඇතුළු රටවල් 93 ක සංචාරකයින්ට අදාල වීසා ප්රවර්ධනයන් තායිලන්ත කැබිනට් මණ්ඩලය පසුගියදා අනුමත කරනු ලැබී ය.
මෙය තායිලන්තයේ සංචාරක ක්ෂේත්රය ප්රවර්ධනය කිරීමේ පියවරක් බවත් තායිලන්ත රජය පවසයි.