March 3, 2024 11:06 am
Facebook
Twitter
WhatsApp
අධික උණුසුම හේතුවෙන් මානසික රෝග ඉහළ යාමේ අවදානමක්

අධික උණුසුම හේතුවෙන් මානසික රෝග ඉහළ යාමේ අවදානමක්

අධික උණුසුම හේතුවෙන් මානසික රෝග ඉහළ යාමේ අවදානමක්

පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මානසික ආතතිය ඇතුළු මානසික රෝග ඉහළ යා හැකි බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ මේ හේතුවෙන් මිනිසුන් ප්‍රචණ්ඩත්වයට ගොදුරු විය හැකි බවය.

එමගින් මිනිසුන් විවිධ අපරාධවලට යොමු විය හැකි බවද පෙන්වා දෙන විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසන්නේ මෙම කරුණු පිළිබඳව අවධානය යොමුකළ යුතු බවය.

මේ අතර මානසික රෝගවලට බෙහෙත් බොන පුද්ගලයින්ගේ පිපාසය අඩු බවත් ඒ නිසා ඔවුන් විජලනයට ලක් විය හැකි බවත් විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.

එසේම අධික උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් දරුවන්ගේ සිතීමේ හැකියාව අඩුවිය හැකි බවත් එමගින් දරුවන්ට අධ්‍යාපනික ගැටලු ඇතිවිය හැකි බවත් පවසයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකරන්නේ, මෙම තත්ත්වය මැයි මාසය අවසන් වන තෙක් පවතිනු ඇති බවය. 

දින කිහිපයක සිට පැවතෙන උණුසුම් කාලගුණික තත්ත්වය හුමවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව පීඩාවට පත්ව සිටී. 

ගතවූ පැය විසි හතර තුළ වැඩිම උෂ්ණත්වය වාර්තා වුණේ පොළොන්නරුවෙනි.

එය සෙල්සියස් අංශක 36.7 කි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, නිරිත දිග මෝසම සක්‍රීය වනතෙක් මෙම තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවය.

උණුසුම් කාලගුණයෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින කාලසීමාවක ප්‍රදේශ කිහිපයකට ඊයේ පස්වරුවේ වැසි ඇද හැලුණි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

අධික උණුසුම හේතුවෙන් මානසික රෝග ඉහළ යාමේ අවදානමක්

අධික උණුසුම හේතුවෙන් මානසික රෝග ඉහළ යාමේ අවදානමක්

අධික උණුසුම හේතුවෙන් මානසික රෝග ඉහළ යාමේ අවදානමක්

අධික උණුසුම හේතුවෙන් මානසික රෝග ඉහළ යාමේ අවදානමක්