March 3, 2024 10:31 am
Facebook
Twitter
WhatsApp
අනුරාධපුරයේ දොළොස් දෙනකුට අයාලේ යන එක බල්ලෙක්

අනුරාධපුරයේ දොළොස් දෙනකුට අයාලේ යන එක බල්ලෙක්

අනුරාධපුරයේ දොළොස් දෙනකුට අයාලේ යන එක බල්ලෙක්

අනුරාධපුර නගර සීමාවේ ජනගහනයට සාපේක්ෂව අයාලේ යන සුනඛයන් 5,000 ක් පමණ සිටින බව අනාවරණය වේ.

නගර සීමාවේ ජනගහනයට අනුව 12:1 (පුද්ගලයින් 12 දෙනකුට අයාලේ යන සුනඛයකු) අනුපාතයට අයාලේ යන සුනඛයන් සිටින්නේය. මෙම අගය මීට පෙර අනුපාතය පැවතියේ 8:1 ක් ලෙසය.

අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව අනුරාධපුර නගර සීමා කලාපයේ අයාලේ යන සුනඛයන් සංඛ්‍යාව ඉහළ යෑමට කාරණා කීපයක්ම බලපා තිබෙන බව අනුරාධපුර මහ නගර සභාවේ නාගරික පශු වෛද්‍ය නිලධාරී ප්‍රදීප් නන්දදාස පවසන්නේය.

අධික උෂ්ණත්වය නිසා සුනඛයන්ගේ ප්‍රජනන චක්‍රය වසරකට තුන්වරක් පමණ ක්‍රියාත්මක වීම, නගර සීමාවේ ආගමික ස්ථාන රැසක් පිහිටා තිබීම නිසා එම ස්ථානවලට පැමිණෙන වන්දනාකරුවන් ආහාර ලබාදීම නිසා සුනඛයන්ගේ බෝවීම ඉහළ මට්ටමක පැවතීම, නිවාසවල ඇතිකරන වැඩිහිටි සුනඛයන් පවා ආගමික ස්ථානවලට ගෙනැවිත් දැමීම යන කාරණා හේතුවෙන් සුනඛ ගහණය ඉහළ ගොස් තිබේ.

ජල භීතිකා රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට අනුරාධපුර මහ නගර සභාව විසින් නගර සභා බල ප්‍රදේශයේ සහ නගර සභා සීමාවේ සිටින අයාලේ සුනඛයන්ට වඳ සැත්කම් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. අනුරාධපුර මහ නගර සභාව සමග ස්වේච්ඡා සංවිධාන දෙකක් සම්බන්ධවී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේය. අනුරාධපුර නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ විසින් මෙම කටයුතු අධීක්ෂණය කරන්නේය.

පශු වෛද්‍ය චමිත් නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන vets for future ආයතනය විසින් අදාළ වඳ සැත්කම් හා ප්‍රතිකාර කටයුතු සිදුකරන අතර, වැඩසටහන සඳහා මූල්‍ය දායකත්වය සපයනු ලබන්නේ justice for animals ආයතනය විසිනි.

මෙහිදී අනුරාධපුර මහ නගර සභා බලප්‍රදේශයේ සහ නගර සභා සීමාවේ සිටින සුනඛයින්ට වඳ සැත්කම්, ජල භීතිකාව සඳහා එන්නත් ලබාදීම, රෝග සඳහා ප්‍රතිකාර කටයුතු කරන්නේය.

මෙම වැඩසටහන ආරම්භ කර වසර තුනක් බවත්, මෙවර පවත්වනු ලබන්නේ හතරවෙනි වරට බවත් නාගරික පශු වෛද්‍ය නිලධාරී පැවසීය.

ඉකුත් වසරේදී (2023) මෙම වැඩසටහන දින 40 ක කාලයක් ක්‍රියාත්මක කෙරුණි. මේ වසරේදීද දින 40 ක කාලයක් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කීවේය.

ඒ අනුව, මෙම වැඩසටහන මේ මස 05 වැනිදා සිට 12 වැනිදා තෙක් ක්‍රියාත්මක කෙරේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

අනුරාධපුරයේ දොළොස් දෙනකුට අයාලේ යන එක බල්ලෙක්

අනුරාධපුරයේ දොළොස් දෙනකුට අයාලේ යන එක බල්ලෙක්

අනුරාධපුරයේ දොළොස් දෙනකුට අයාලේ යන එක බල්ලෙක්

අනුරාධපුරයේ දොළොස් දෙනකුට අයාලේ යන එක බල්ලෙක්