පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවත්වීම සම්බන්ධයෙන් යළි මතුව ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයක්.
කෙසේවෙතත් අප්‍රේල් 25 වැනිදාට ඡන්දය පැවැත්වීමට දින නියමව තිබේ.
ඡන්දයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට මැතිවරණ කොමිසම,පළාත් පාලන විෂයභාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් සාකච්ජාවක් ඉල්ලා තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති, නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ මැතිවරණය සඳහා මුදල් ලබාදීම තව දුරටත් ප්‍රමාද වන්නේ නම් එය යළි කල්යනු ඇති බවයි.
මේ වන විට දෙවන වරටත් තැපැල් ඡන්ද විමසීම කල් දමා තිබේ.
මේ අතර පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදී ඇති රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් අද (27) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි සඳහන් වේ.