ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ආණ්ඩුවක් කරමින් ලෝකයටම ආදර්ශයක් ලබාදෙමින් සිටින බව රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ජනාධිපති එක්සත් ජාතික පක්ෂයෙන් ද අග්‍රාමාත්‍යවරයා මහජන එක්සත් පෙරමුණෙන් ද පාර්ලිමේන්තුවේ බහුතරය පොදුජන පෙරමුණෙන් ද ඇති බැවින් අද ආණ්ඩුව ෆෘට් සැලඩ් එකක් වගේ බවද හෙතෙම පැවසීය.
පොදුජන පෙරමුණේ ඉල්ලීම්වලට එකඟ නොවී ආණ්ඩුවක් කල නොහැකි බවත් ආණ්ඩුවේ හොඳ වැඩ වලට සහාය දෙමින් ලෝකයටම ආදර්ශයක් දෙන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
උත්සව සභාවක් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.