March 5, 2024 3:34 pm
Facebook
Twitter
WhatsApp
අරගල කරපු උන් ගණිකාවෝ කුඩු කාරයෝ.. පාතාලේ උන් කුඩුකාරයෝ ඒකේ රජ කළා..

අරගල කරපු උන් ගණිකාවෝ කුඩු කාරයෝ.. පාතාලේ උන් කුඩුකාරයෝ ඒකේ රජ කළා..

අරගල කරපු උන් ගණිකාවෝ කුඩු කාරයෝ.. පාතාලේ උන් කුඩුකාරයෝ ඒකේ රජ කළා..

විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය හා බෞද්ධාගම යන බලකණු හතරට පහර දී රට විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

බටහිර න්‍යාය පත්‍රයට අනුව චැනල් ෆෝ නාලිකාව සිදුකරන්නේ එම ක්‍රියාදාමයේ එක් කොටසක් බවද අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ වීරකැටිය, ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුල්කිරිගල ආසන බලමණ්ඩල රැස්වීමට පසුගියදා සහභාගී වෙමිනි.

එම රැස්වීමේදී   අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.

මේ පැත්තේ සංවර්ධනය දැකලා මං සතුටු වුණා. ඒ වගේම පොඩි ඊර්ෂ්‍යාවකුත් ආවා. මෙහෙත් ජනාධිපතිවරු හිටියා. ගම්පහත් ජනාධිපතිවරු හිටියා. ගම්පහයි මෙහෙයි වෙනස දැක්කම ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ආඩම්බරයක් ඇති වුනේ මේ රට සංවර්ධනය කරපු මහින්ද රාජපක්ෂ මැතිතුමා අද අපේ පක්ෂයට නායකත්වය දෙන නිසයි.

එදා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපති ලෙස කටයුතු කරන විට මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි ශ්‍රීලනිපය ශක්තිමත් කරමින් රට වටා ගියේ. එදා අපේ නායිකාව සමග මට පොඩි අර්බුදයක් ඇති වුණා. එවෙලේ මං හිටියේ මහින්ද මහත්තයා සමගයි. අපි එතුමට ආදරය කරේ එතුමාගේ තියෙන ගතිගුණ වලටයි. කවදාවත් එතුමා තමන්ගේ මිනිහව අතහරින්නේ නැහැ. තමන්ගේ මිනිහෙක් වරදක් කරොත් ගෙන්නලා කණ පැලෙන්න ගහයි. තමන්ගේ මිනිහාව රැකපු නායකයෙක් එතුමා. 2015 දි මහින්ද මහත්තයා පරාද වන විට රටේ මිනිසුන්ට ඒ වරද තේරුණේ ඒ නිසයි. එදා පරාද වුනාම එතුමා දේශපාලනයෙන් ඉවත් වෙයි කියලා බොහෝ අය හිතුවා. එදා ගේට්ටුවේ එල්ලිලා කතා කරන විට ෆේස්බුක්වල එතුමට ගැහුවා. නමුත් කළගුණ දන්න මිනිස්සු විශේෂයෙන්ම දකුණේ මිනිස්සු එතුමා නැවත බලයට ගේන්න රට නැවත බාර දෙන්න පොහොට්ටුව හදන්න එදා නායකත්වය ලබා දුන්නා. ඒ ගෞරවය දකුණේ මිනිසුන්ට අපි ලබා දිය යුතුයි.

බල්ලෙක් මැරෙන්න යන විට අගේ ඉන්න කිනිතුල්ලෝ මැක්කෝ මැරිලා යනවා කියලා අපි කියනවා. මහින්ද මහත්තයා පරදින විට හැමෝම දාලා ගියත්  රටේ කළගුණ දන්නා බහුතර ජනතාව එතුමා සමග හිටියා කියලා අපි ආඩම්බරයෙන් අදත් කියනවා. අපි එදා මහින්ද සුලග සමග රට වටා ගියා. බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් දහදෙනා පහලොස්දෙනා එකතු කරගෙන ශක්තිමත් දේශපාලන පක්ෂයක් අපි හැදුවා. ඊට පස්සේ කෙටි කලකින් පළාත් පාලන මැතිවරණය ජය ගත්තා. 69 ලක්ෂයක් අරගෙන ජනාධිපතිවරණයත් ජයගත්තා. මහ මැතිවරණයෙන් මන්ත්‍රීවරු 150ක්  පත්වෙලා අපි ආණ්ඩුවක් හැදුවා. සාමාජිකයෝ නැතිනම් පක්ෂයක් නැහැ. වසර 4 ක් තුළ අපිට මේ සියලු දේවල් කරන්න පුළුවන් වුණේ ගමේ ඔබ ආදරනීය නිසයි.

ෆේස්බුක්වල පක්ෂ හදන්න පුළුවන්. නායකයෝ හදන්නත් පුළුවන්. නමුත් ඒ තත්ත්වය ගමේ නැහැ. පසුගිය කාලයේ කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදයක් සමග රට තුළ අර්බුදයක් ඇති වුනා. අරගලයක් ක්‍රියාත්මක වුණා. පක්ෂයක් ලෙස වැඩිපුරම බැට කෑවේ අපේ පාක්ෂිකයෝ. අපේ ගෙවල් ගිනි තිබ්බා. අපේ පාක්ෂිකයින්ට ගැහුවා. මිනී මැරුවා. ඒ සියල්ල සංවිධානාත්මකව සිදු කල දේවල්.  ඇයි එහෙම පොහොට්ටුවේ අයට ගැහුවේ. ඔවුන් දන්නවා කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණයක් තියලා විපක්ෂයේ කිසිම දේශපාලන පක්ෂයකට බලයක් ගන්න බැහැ කියලා.

ඒ නිසා අපේ අයට ගහලා අපේ අය වට්ටවලා බලයට එන්නයි ඔවුන් හැදුවේ. පොලොන්නරුවේ අපේ මන්ත්‍රීතුමා ඝාතනය කරලා පාරේ ඇදගෙන එනවා ෆේස්බුක්වල දැම්මා. අමානුෂිකව වධ දුන්නා. බේරේ වැවේ දාලා මිනිස්සුන්ට ගැහුවා. අපිව මානසිකව වැටුනා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු 300කගේ නිවාස ගිනි තිබ්බා. මොන වරදක් කරාටද? රටේ වසර 30 ක් තිබ්බ යුද්ධය අවසන් කරලා රට සංවර්ධනය කරපු මහින්ද මහත්තයටත් ඒක කලා. මේ දේවල් කරේ රටේ බහුතරය නෙමෙයි 3% කල්ලියයි. ඒ දේවල් කරේ අපිව භය කරන්නයි. 77 දිත් අපේ ගෙවල් ගිනි තිබ්බා. නමුත් අපේ ආණ්ඩුවක් තියෙද්දි, අපේ ජනාධිපතිවරයෙක් ඉද්දි එහෙම වෙයි කියලා අපි හිතුවේ නැහැ.

අරගල කරපු උන්. ගණිකාවෝ කුඩු කාරයෝ අද හැංගිලා ඉවරයි. අරගලය පටන් ගත්තේ සාමකාමී ලෙසයි. නමුත් ඒක හයිජැක් කරා. පාතාලේ උන්, කුඩුකාරයෝ ඒකේ රජ කළා. මේක නිකම්ම වුනේ නැහැ. රට විනාශ කරන්න නම් විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය තුනටම ගහන්න ඕනි. හාමුදුරුවන්ට ආගමික නායකයින්ට පොලිසියට ගහන්න ඕනි. එතකොට රටක් විනාශ වෙලා යනවා. මේවා බටහිර න්‍යාය පත්‍රවලට අනුව සිදු වන දේවල්. හාමුදුරුවෝ ගැන දේවල් ෆේස්බුක්වල දාලා බෞද්ධාගමට ගැහුවා. විධායකය වුනු ගෝඨාභය මහත්තයට ප්‍රචාරක මාධ්‍ය හරහා ගැහුවා. 225 ම එපා කියලා පාර්ලිමේන්තුව ගැන විශ්වාසය නැති කරා. දැන් චැනල් ෆෝ නාලිකාව හරහා අධිකරණයට හානිකරමින් සිදුකරන්නේ එයයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් එහෙම දේවල් කියනවා. ත්‍රිවිධ හමුදාවට පොලීසියට බුද්ධි අංශයට විරුද්ධව මතවාද හදනවා. අවසානයේ කුමක්ද වෙන්නේ? මේ රට නැති කරන්න හදන ආරම්භයක්. පක්ෂයක් ලෙස අපි වගකීමෙන් කියනවා අපේ පක්ෂයට නායකත්වය දෙන මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය නැති කරලා රට සංවර්ධන කල නායකයා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් වසංගතයෙන් රටේ ජනතාව බේරා ගත්තා.

මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කළ නායකයෝ අපේ පක්ෂයේ ඉන්නේ. එදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් වුනේ පක්ෂයට වඩා රට වටින නිසයි. එතුමා හැමදාම රට වෙනුවෙන් පරිත්‍යාග කළා. 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටු කරන්න අද අපි කටයුතු කරමින් ඉන්නවා. අපි අද පක්ෂය ශක්තිමත් කරගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයට උදව් කරන්නේ එතුමා රට ගොඩ ගනිවි කියලා එතුමා ගැන විශ්වාසය තියලයි. ඒක පක්ෂයක් විදිහට, නායකත්වය විසින් ගත්ත තීන්දුවක්.

අපේ පක්ෂය ශක්තිමත් කරන වැඩපිළිවෙල මේවන විට ශක්තිමක්ව රට පුරා සිදු කරමින් සිටිනවා. ඉදිරි ඕනෑම මැතිවරණයකදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන්න පුළුවන් පරිසරය අපි හදලා තියෙන්නේ. ඒ වගේම මං කියනවා, දකුණේ ඉන්නේ කළගුණ දන්න මිනිස්සු. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටට මේ පළාතට කල සේවය අගයන මිනිස්සු මේ පළාතේ ඉන්නවා. අපි ඔබ වෙනුවෙන් යුතුකම් හා වගකීම් ඉදිරියටත් සිදු කරනවා.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ,රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ජානක තිස්සකුට්ටිආරච්චි, ඩබ්ලිව්.ඩී වීරසිංහ මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

– ප්‍රදීප් අනුර කුමාර

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

අරගල කරපු උන් ගණිකාවෝ කුඩු කාරයෝ.. පාතාලේ උන් කුඩුකාරයෝ ඒකේ රජ කළා..

අරගල කරපු උන් ගණිකාවෝ කුඩු කාරයෝ.. පාතාලේ උන් කුඩුකාරයෝ ඒකේ රජ කළා..

අරගල කරපු උන් ගණිකාවෝ කුඩු කාරයෝ.. පාතාලේ උන් කුඩුකාරයෝ ඒකේ රජ කළා..

අරගල කරපු උන් ගණිකාවෝ කුඩු කාරයෝ.. පාතාලේ උන් කුඩුකාරයෝ ඒකේ රජ කළා..