June 15, 2024 12:30 am
Facebook
Twitter
WhatsApp
ආර්ථික කළමනාකරණ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

ආර්ථික කළමනාකරණ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

ආර්ථික කළමනාකරණ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආර්ථික කළමනාකරණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවත් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වී ජනමත විචාරණයකින් ද සම්මත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ සමාගම් පරිපාලන මෙහෙයුම් නිලධාරියකු වන ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරු විසින් අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළහ.

එහි වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ සිටි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ රජය විසින් ඉකුත් 22 වනදා මෙම නඩුකරයට පාදක වන “ආර්ථික කළමනාකරණ පනත් කෙටුම්පත” රජය විසින් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කළ බවයි. එම පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති බොහොමයක් තුළින් මෙරට ජනතා පරමාධිපත්‍යය , ස්වෛරී භාවය මෙන්ම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සම්කරුවෝ සඳහන් කරති.

ඒ අනුව අදාල පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ආර්ථික කළමනාකරණ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

ආර්ථික කළමනාකරණ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

ආර්ථික කළමනාකරණ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

ආර්ථික කළමනාකරණ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්