April 18, 2024 7:16 am
Facebook
Twitter
WhatsApp
ඇපල් සමාගමට චීනයෙන් බලපෑම්

ඇපල් සමාගමට චීනයෙන් බලපෑම්

ඇපල් සමාගමට චීනයෙන් බලපෑම්

ලෝකයේ අංක 01 සහ 02 ආර්ථිකයන් හිමි රටවල් වන අමෙරිකානු එක්සත් ජනපදය සහ චීනය අතර වෙළෙඳ යුද්ධයේ නවතම පියවර ලෙස චීන රජයේ නිලධාරීන්ට අමෙරිකානු ඇපල් දුරකථන භාවිතය අත්හරින ලෙස නියෝග කිරීම හඳුනාගත හැකිය.

එය කෙතරම් බලපෑමක් සහිත පියවරක් ද කිවහොත් එම පුවතත් සමඟ ඇපල් සමාගමේ කොටස් මිල 3%කින් පමණ පහත වැටී තිබේ.

පසුගිය නොවැම්බරයෙන් පසු ඇපල් සමාගමේ කොටස් මිල විශාලතම පහත වැටීම එලෙස වාර්තා වේ. 

චීනය සමඟ හොඳ සබඳතාවක් පවත්වාගෙන යන ඇපල් සමාගමට ද එවැනි තත්ත්වයකට මුහුණපෑමට සිදුවීම බරපතළ තත්ත්වයක් ලෙස අමෙරිකානු ආර්ථික විශේලේෂකයෝ පෙන්වා දෙති.

ඇපල් මව් සමාගමේ කොටස් පමණක් නොව චීනය හා සම්බන්ධ ඇපල් සමාගමේ සැපයුම් ජාලයේ සමාගම්වල කොටස් ද මෙලෙස පහත වැටී ඇත.

එවැනි සමාගමක් වන කුවල්කොම් (QUALCOMM) කොටස් මිල 7.2%කින් පහත වැටී තිබේ. 

ඇපල් ජංගම දුරකථවලට චීනය තීරණාත්මක වෙළෙඳපොළක් වන අතර, ඇපල් නිෂ්පාදන කේන්ද්‍රය ද වන චීනය, එහි දුරකථන අලෙවි ආදායමෙන් පහෙන් එකකට දායක වේ.

ඇපල් දුරකථවලට පැනවුණු තහංචි නිසා අනෙකුත් සමාගම් සිය ස්මාට් ජංගම දුරකථන චීන වෙළෙඳපොළට වැඩි වශයෙන් ඉදිරිපත් කිරීමට පෙළඹී ඇති බව සඳහන්ය.

කෙසේ නමුත් ඉදිරි සතියේ සිය ‘අයිෆෝන් 15’ (I PHONE 15) සහ නව ස්මාට් වොච් පෙළ එළිදැක්වීමත් සමඟ දුරකථනවල අලෙවි වර්ධනයක් ඇපල් සමාගම අපේක්ෂා කරන බව වාර්තා වේ.  

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ඇපල් සමාගමට චීනයෙන් බලපෑම්

ඇපල් සමාගමට චීනයෙන් බලපෑම්

ඇපල් සමාගමට චීනයෙන් බලපෑම්

ඇපල් සමාගමට චීනයෙන් බලපෑම්