September 20, 2024 5:18 am
Facebook
Twitter
WhatsApp
ඇස් රෝහලේ අක්ෂි කාචවල හිඟයක්

ඇස් රෝහලේ අක්ෂි කාචවල හිඟයක්

ඇස් රෝහලේ අක්ෂි කාචවල හිඟයක්

කොළඹ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි කාචවල හිඟයක් පවතින බව වාර්තා වෙයි. අක්ෂි කාච දැමීමට පැමිණෙන සමාන්‍ය රෝගීන්ට එම කාච ඇණවුම් කිරීමෙන් පසු ලබාගැනීමේ හැකියාව ඇති අතර ඒ සඳහා රෝගින්ට යම් කාලයක් පොරොත්තු ලේඛනයේ රැඳි සිටීමට සිදු වෙයි. මෙම අක්ෂිකාචද දානපතින් විසින් ලබාදෙන අක්ෂිකාච බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම විශේෂ සැත්කම් සිදුකිරීමට අවශ්‍ය රෝගින්ට එම විශේෂිත අක්ෂිකාච පිටතින් මිලදී ගැනීමට සිදුව ඇත.

මෙරට ජනගහනයෙන් පුද්ගලයන් ලක්ෂ දෙකක් අන්ධභාවයෙන් පෙළෙන අතර එම පිරිසෙන් පුද්ගලයන් එක්ලක්ෂ පනස්දහසකගේ (150000 ) පෙනීම යළි ලබා දීමට හැකියාව පවතියි.

එසේ වුවද ඒ සඳහා අවශ්‍ය අක්ෂි කාච, එන්නත් වර්ග සහ අනෙකුත් ශල්‍ය උපකරණ නොමැති වීම හේතුවෙන් අදාළ සැත්කම් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ අක්ෂි සංකුලතා වැඩි වී ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අක්ෂි කාච මෙරටට ගෙන්වීම නතර වී ඇත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ඇස් රෝහලේ අක්ෂි කාචවල හිඟයක්

ඇස් රෝහලේ අක්ෂි කාචවල හිඟයක්

ඇස් රෝහලේ අක්ෂි කාචවල හිඟයක්

ඇස් රෝහලේ අක්ෂි කාචවල හිඟයක්