September 20, 2024 5:22 am
Facebook
Twitter
WhatsApp
ඇස් රෝහලේ වැඩට බන්ධනාගාරයෙන් කට්ටිය ඉල්ලයි

ඇස් රෝහලේ වැඩට බන්ධනාගාරයෙන් කට්ටිය ඉල්ලයි

ඇස් රෝහලේ වැඩට බන්ධනාගාරයෙන් කට්ටිය ඉල්ලයි

සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් එක්ව ක්‍රියාත්මක කළ වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් බිඳවැටී තිබුණු ජාතික අක්ෂි රෝහලේ රෝහල් කටයුතු පවත්වාගෙන යාම සඳහා බන්ධනාගාර රැඳවියන් දස දෙනෙකු ඉල්ලා ඇති බව වාර්තා වේ.

වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් පසුගිය දිනවලදී රෝහලේ අත්‍යවශ්‍ය රෝගී සත්කාර පවා සිදුකර ගැනීමට නොහැකිවී ඇති අතර එම කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මෙලෙස බන්ධනාගාර රැඳවියන් ලබාදෙන ලෙස රෝහල් අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඒ.ආර්.එම්. තෞෆීක් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය වෙත ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබේ.

පසුගිය දිනවලදී රෝහල් කාර්ය මණ්ඩලය නොමැතිවීමෙන් අක්ෂි රෝහලේ ශල්‍යාගාරවල පවතින ලිනන් පිරිසිදු කර ගැනීම පවා නැවතී ඇති අතර මේ හේතුවෙන් ශල්‍යාගාර හදිසි සත්කාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකිවී ඇත.

එබැවින් අක්ෂි රෝහල තුළ භාවිත වන ආසාදිත නොවන ලිනන් කිලෝග්‍රෑම් සියයක පමණ ප්‍රමාණයක් දිනකට පිරිසිදු කර දෙන ලෙසත් ඒ සඳහා යම් පිරිවැයක් දැරීමට සිදුවන්නේ නම් එම මුදල නැවත ප්‍රතිපූර්ණය කිරීම සඳහා කටයුතු කිරීමේ හැකියාව පවතින බවත් ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත වැඩිදුරටත් ලිපිය මගින් දැනුම් දී ඇත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ඇස් රෝහලේ වැඩට බන්ධනාගාරයෙන් කට්ටිය ඉල්ලයි

ඇස් රෝහලේ වැඩට බන්ධනාගාරයෙන් කට්ටිය ඉල්ලයි

ඇස් රෝහලේ වැඩට බන්ධනාගාරයෙන් කට්ටිය ඉල්ලයි

ඇස් රෝහලේ වැඩට බන්ධනාගාරයෙන් කට්ටිය ඉල්ලයි