June 15, 2024 12:58 am
Facebook
Twitter
WhatsApp
ඉලෙක්ට්‍රික් හා හයිබ්‍රිඩ් වාහන ගෙන්වීමට මුල්තැන

ඉලෙක්ට්‍රික් හා හයිබ්‍රිඩ් වාහන ගෙන්වීමට මුල්තැන

ඉලෙක්ට්‍රික් හා හයිබ්‍රිඩ් වාහන ගෙන්වීමට මුල්තැන

ඉදිරියේදී වාහන ආනයනය කිරීමේදී ඉලෙට්‍රික් සහ හයිබ්‍රිඩ් වාහන සඳහා ප්‍රමුඛතාව හිමිවනු ඇති බව මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවැසීය.

මේ වන විටත් ඒ සඳහා වන සාකච්ඡා සිදුවෙන බවත් ඉදිරියේදී රජය විසින් ඒ බව නිල වශයෙන් දැනුම් දෙනු ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. ඔහු මේ බව පැවසූයේ ඊයේ ජගත් පරිසර දිනය නිමිති කරගනිමින් ‘ඵලදායි භූමි පරිභෝජනයෙන් සුවදායි දෙරණක්, ‘හරිත වර්ණයෙන් යුත් සදාහරිත දෙපාර්තමේන්තුවක්’ යන තේමාව ඔස්සේ ඊයේ (05 වැනිදා) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සිදුකරන ලද පැළ සිටුවීමේ අවස්ථාවකට එක්වෙමිනි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන වැඩසටහන මගින් රාජ්‍ය ආයතන පරිශ්‍රයන්වල රුක් රෝපණ වැඩසටහනක් ආරම්භකර ඇති අතර මේ ඔස්සේ නාගරික ප්‍රදේශවල වායු විමෝචනය අවම කිරීමට දායකත්වයක් ලබාදීමට බලාපෙරොත්තු වේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ඉලෙක්ට්‍රික් හා හයිබ්‍රිඩ් වාහන ගෙන්වීමට මුල්තැන

ඉලෙක්ට්‍රික් හා හයිබ්‍රිඩ් වාහන ගෙන්වීමට මුල්තැන

ඉලෙක්ට්‍රික් හා හයිබ්‍රිඩ් වාහන ගෙන්වීමට මුල්තැන

ඉලෙක්ට්‍රික් හා හයිබ්‍රිඩ් වාහන ගෙන්වීමට මුල්තැන