November 6, 2024 10:37 pm
Facebook
Twitter
WhatsApp
උගතුන් රට හැර යනවා.. ලංකාවත් ඉරානය, උතුරු කොරියාව, මියන්මාරය වගේ වෙන්න යන්නේ.. සජිත්ගේ විසදුම මෙන්න..

(Human Flight and Brain Drain Index) එම දත්තවලට අනුව, 2007-2023 කාලසීමාව තුළ බුද්ධිගලනය අතින් ශ්‍රී ලංකාව 7.2 ක මට්ටමක පැවති බවත්, එහෙත් මේ අවස්ථාව වනවිට එය පවතින්නේ, 8.4 ක මට්ටමේ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (06) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

එහි දත්ත අනුව රටවල් 177 සාමාන්‍ය අගය 5.4 ක මට්ටමක පවතින බවත්, මෙලෙස මෙරට බුද්ධිගලනය සිදුවීමට බලපාන අභ්‍යන්තර හා බාහිර හේතුන් පිළිබඳ දැඩිව අවධානය යොමු කළ යුතු බවත් පෙන්වා දුන්නා.

ලොව බුද්ධිගලනය සිදුවන බොහෝ රටවල මෙන් මෙරට යුදමය තත්ත්වයක් නොමැති පසුබිමක පුරවැසියන් රටහැර යාමට හේතුවන සාධක නිෂ්චිතව හඳුනාගෙන ඊට සුදුසු ප්‍රතිකර්ම යොදන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා.

විරැකියාව, ව්‍යවසායකත්වය සඳහා සුදුසු පරිසරයක් නොමැතිවීම, දුර්වල ආර්ථික හා සමාජීය තත්ත්වය, මෙන්ම වංචා, දූෂණය මෙරට පුරවැසියන් තුළ රට පිළිබඳ විශ්වාසනීයත්වය නොමැතිවීමට හේතුවී ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළා.

මේ හේතුවෙන් රටේ වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් රට හැරගොස් ඇති බවත්, වෛද්‍ය, ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ, ගණකාධිකාරී සහ තාක්ෂණික ක්ෂේත්‍රවල වෘත්තිකයින් ප්‍රමුඛ බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, මෙම තත්ත්වය පාලනය නොකළහොත් ඉරානය, උතුරු කොරියාව, මියන්මාරය වැනි රටවල තත්ත්වයට ශ්‍රී ලංකාව පත්වනු ඇති බවද කියා සිටියා.

1974 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමයේ මෙරට බුද්ධි ගලනයක් සිදු වුවත්, විශේෂ කමිටුවක් පත්කර ඒ සම්බන්ධයෙන් හේතු සොයා බැලූ ආකාරය සිහිපත් කළ සජිත් ප්‍රේමදාස මහතා, වත්මන් රජය එවැනි සොයා බැලීමකට අවධානය යොමු කර නොමැති බවටද චෝදනා කළා.

– Media unit

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us