April 18, 2024 6:35 am
Facebook
Twitter
WhatsApp
උණවටුන සංචාරක පොලිසිය ඉවතට

උණවටුන සංචාරක පොලිසිය ඉවතට

උණවටුන සංචාරක පොලිසිය ඉවතට

උණවටුනේ පිහිටුවා තිබූ සංචාරක පොලිසිය ඉවත් කිරීම බලවත් අසාධාරණයක් බව සංචාරකයෝ, හෝටල් හිමියෝ සහ ප්‍ර‍දේශවාසීහු පවසති.

මෙයට වසර පහළොවකට පමණ පෙර උණවටුන විහාරස්ථානයේ පිහිටුවනු ලැබූ මෙම සංචාරක පොලිසිය මේ වනවිට ඉවත් කර එම නිලධාරින් හබරාදුව පොලිසියට අනුයුක්ත කර ඇත.

මේ සම්බන්ධයෙන් උණවටුන සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයන්ගේ සංගමයේ සභාපති නීතිඥ රූපසේන කොස්වත්ත මෙසේ පැවැසීය.

”සංචාරක පොලිසිය පළමුව‍ ස්ථාපිත කළේ පන්සලේ. අවස්ථා කිහිපයකදී සංචාරක පොලිසිය පිහිටුවීමට සුදුසු ස්ථානය ලෙස සුමණජෝති විදුහල භුමිය යෝජනා කළා.

නාගරික සංවර්ධන අධිකාරිය ඒ සඳහා සැලසුම් සකස් කරලා ආණ්ඩුකාරවරයා ලවා මුල්ගල් තැබීමටත් සූදානම් වුණා. නමුත් එය ඉටු උනේ නැහැ. දැන් සංචාරක පොලිසිය ඉවත් කිරීම නිසා අපටත් හබරාදුව පොලිිසියට යාමට සිදුවෙලා. මෙය සංචාරක කර්මාන්තයට බලවත් අසාධාරණයක්. එනිසා සුදුසු ස්ථානයක යළිත් සංචාරක පොලිසිය ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටිනවා.”

සංචාරක පොලිසිය ඉවත් කිරීම සම්බන්ධයෙන් සංචාරක කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රත්නායක මහතාගෙන් විමසූවිට කියා සිටියේ උණවටුනෙන් පොලිසිය ඉවත් කළද කිසිවකුට අසාධාරණයක් නොවන බවය. හබරාදුව පොලිසියේ සිට නිලධාරින් දිනපතා උදෑසන උණවටුනට පැමිණ සංචාරය කරමින් රාජකාරි කරන බවත් සවසට තවත් නිලධාරි කණ්ඩායමක් පැමිණ රාත්‍රි රාජකාරි කරන බවත් පැවසු ඒ මහතා එම නිලධාරින්ට අවශ්‍ය සියලුම පහසුකම් සලසා ඇති බවත් පැවැසීය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

උණවටුන සංචාරක පොලිසිය ඉවතට

උණවටුන සංචාරක පොලිසිය ඉවතට

උණවටුන සංචාරක පොලිසිය ඉවතට

උණවටුන සංචාරක පොලිසිය ඉවතට