March 5, 2024 2:56 pm
Facebook
Twitter
WhatsApp
උතුරු මුහුදේ දි ඉන්දීය ධීවරයන් 12ක් අත්අඩංගුවට

උතුරු මුහුදේ දි ඉන්දීය ධීවරයන් 12ක් අත්අඩංගුවට

උතුරු මුහුදේ දි ඉන්දීය ධීවරයන් 12ක් අත්අඩංගුවට

නාවික හමුදාව යාපනය, කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා 3ක් සමඟ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (13) මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් වේග ප්‍රහාරක යාත්‍රා යොදවා සිදු කර තිබුණි.

එහිදී, කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා 3ක් සමඟයි ඉන්දීය ධීවරයින් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඉන්දීය ධීවර යාත්‍රා සහ එහි සිටි ධීවරයින් කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

උතුරු මුහුදේ දි ඉන්දීය ධීවරයන් 12ක් අත්අඩංගුවට

උතුරු මුහුදේ දි ඉන්දීය ධීවරයන් 12ක් අත්අඩංගුවට

උතුරු මුහුදේ දි ඉන්දීය ධීවරයන් 12ක් අත්අඩංගුවට

උතුරු මුහුදේ දි ඉන්දීය ධීවරයන් 12ක් අත්අඩංගුවට