ඉන්දියානු ධීවරයින්ගෙන් නොකඩවා එල්ලවන තාඩන පීඩන හා උතුරු මුහුද ආක්‍රමණයන් හේතුවෙන් උතුරේ ධීවරයින්ගේ ධීවර කර්මාන්තය කඩාවැටී ඇතැයි පවසමින් යාපනයේ ධීවර සංගම් කිහිපයක සාමාජිකයින් පිරිසක් විසින් සත්‍යග්‍රහයක් ආරම්භ කොට ඇත.
යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලය ඉදිරිපිටට යාපනයේ ධීවරයින් පිරිසක් ගොස් විරෝධතාවක නිරත වූ අතර අදාල විරෝධතාවයේ නිරත ධීවරයින් එම ස්ථානයේන ඉවත් කිරීමට යාපනය පොලීසිය පියවර ගනු ලැබීය.
විරෝධතාවයේ නිරත වූ ධීවරයින් ඉවත් කිරීම හේතුවෙන් අදාල ධීවරයින් විසින් යාපනය ජෝන් බොස්කෝ පාසල ආසන්නයේදී ඉන්දීය ධීවරයින්ට එරෙහිව විසඳුම් ලබාදෙන මෙන් සත්‍යග්‍රහායක් ආරම්භ කිරීමට පියවර ගන්නා ලදි.
‘ මේ වන විට ඉන්දීය ධීවරයින් විසින් උතුරේ ධීවරයින්ගේ රුපියල් ලක්ෂ ගණනක් වටිනා දැල් ආම්පන්න මෙන්ම ධීවර යාත්‍රාද විනාශ කොට ඇති අතරම උතුරු මුහුදු තීරයේ මත්ස්‍ය සම්පතද අත්පත් කරගෙන ඇති බවටත් උතුරේ ධීවරයාගේ ආර්ථීකය දිනෙන් දින අඩුවන අතරම ධීවර කර්මාන්තයද කඩාවැටීමේ අවධානමක් පවතින බවටය.
රජයට අවස්ථා කිහිපයකදී ධීවරයින් මේන්ම ධීවර සංගම් විසින් මෙම ගැටලුවට විසඳෞම් ඉල්ලුවද ලැබෙන තාවකාලික විසඳුම් වලින් මේ දක්වා ස්ථීර විසඳුමක් කරා නොයෑමෙන් ගැටලුව බරපතල වී ඇති බැවින් වහාම ස්ථීර විසඳුමක් ලබාදෙන තුරු සිය සත්‍යග්‍රහය නොකඩවා දියත් කරන බවටද සත්‍යග්‍රහයේ නිරත ළුූ ධීවර සංගම් නියෝජිතයින් වැඩිදුරටත් පැවසූහ.
– වන්නි රොමේෂ් මධූෂංඛ