ලෝක වෙළඳපළේ බොරතෙල් මිල තව දුරටත් ඉහළ නගිමින් තිබේ.
සැප්තැම්බර් මාසය ආරම්භයේ සිට මේ දක්වා වූ කාලයේදී බොරතෙල් බැරලයක මිල සියයට දහයකට වැඩි අගයකින් ඉහළ ගොස් ඇත.
ඊට මැද පෙරදිග පවතින යුදමය තත්වය ආසන්න වශයෙන් බලපා තිබේ.
එමෙන්ම සීත කාලය ආරම්භයත් සමඟ බටහිර රටවලින් ඉන්ධන සඳහා ලැබෙන ඉහළ ඉල්ලුමද මීට බලපා ඇත.
ඊශ්‍රායලය හා ඉරානය ලෙබනනය හිස් බුල්ලා සටන්කාමීන් අතර ඇතිවී තිබෙන යුධමය තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් හෝමුස් සමුද්‍ර සන්ධිය නාවික ගමනාගමනයට බාධා ඇති වී ඉන්ධන ප්‍රවාහන මාර්ගයන් පවා අවහිර වී බොරතෙල් මිල තවදුරටත් ඉහළ යනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.