March 3, 2024 11:54 am
Facebook
Twitter
WhatsApp
ක්‍රිකට් තහනම් වුණොත් කරන දේ ඇමති කියයි

ක්‍රිකට් තහනම් වුණොත් කරන දේ ඇමති කියයි

ක්‍රිකට් තහනම් වුණොත් කරන දේ ඇමති කියයි

යම් හෙයකින් ක්‍රිකට් තහනමකට ලක්වුවහොත් මාස 6ක කාලයක් අර්ජුන රණතුංගට භාර දී පසුව නිලවරණයක් පවත්වන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

අද (10) පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තහනමකට ලක්කිරීම සඳහා උත්සහයක් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසු ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එළැඹෙන සඳුදා දින තමා අභියාචනාධිකරණය හමුවට යන බවත් ඉන් සාධාරණයක් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේya.

කෙසේවෙතත් මේ වනවිට නීතිපතිවරයා වෙත තබා ඇති විශ්වාසය බිඳවැටී ඇතැයි ද පැවසු ක්‍රීඩා අමාත්‍යවරයා තමා පෞද්ගලික නීතිඥයින් මාර්ගයෙන් මෙහි කටයුතු සිදුකරන බව ද පැවසීය.

“තහනමක් තව එන්නේ නෑ. මේ අය අති විශේෂ බලයක් දාලා කෙරොත් මිසක්, ලංකාවේ අය මේක පාවා දුන්නොත් ඇරෙන්න මේකට තහනමක් එන්නේ නෑ. බැරිවෙලා හරි මම දැක්කා ඇමතිවරයෙකුත් ඍණාත්මකව කතා කළා මේක තහනම් වුණොත් කියලා. මොකද්ද අපි කරන්නේ ? එහෙම නම් අපිට තියෙන්නේ අර්ජුන රණතුංග මහත්තයාට මාස 6ක් හරි 8ක් හරි මේක භාරදීලා හදලා, අපි නිලවරණයකට ගිහින් මේ පනත සම්මත කරගෙන ඊළඟ තරගවලට යන්. එකඟත්වය ලබාදෙන්න ඉස්සරහට යන්න. ඒ අනුව මම සඳුදා දිනයේ අභියාචනාධිකරණයට යනවා. එතැනින් අපි බලාපොරොත්තු වෙනවා යුක්තිය. එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. මේ දුෂිත රැළ ඉවත් කරන්න. ඒ ක්‍රියාමාර්ග ටික නොකඩවා ගන්නවා.”

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ක්‍රිකට් තහනම් වුණොත් කරන දේ ඇමති කියයි

ක්‍රිකට් තහනම් වුණොත් කරන දේ ඇමති කියයි

ක්‍රිකට් තහනම් වුණොත් කරන දේ ඇමති කියයි

ක්‍රිකට් තහනම් වුණොත් කරන දේ ඇමති කියයි