April 18, 2024 6:44 am
Facebook
Twitter
WhatsApp
කාන්තාවක් ඝාතනය කර සැකකරු ගෙල වැලලා ගනී

කාන්තාවක් ඝාතනය කර සැකකරු ගෙල වැලලා ගනී

කාන්තාවක් ඝාතනය කර සැකකරු ගෙල වැලලා ගනී

කාන්තාවක්ට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර සැකකරුත් ගෙල වැලලාගෙන මියයෑමේ පුවතක් පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තා වේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ඊයේ (12) පොතුවිල් පොලිස් වසමේ ආරුගම්බේ ප්‍රදේශයේ හෝටලයක කාමරයක නවාතැන් ගෙන සිටි කාන්තාවක් එලෙස ඝාතනය වී ඇති බවය.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 35ක් වූ මහකළුගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

මියගිය කාන්තාව පුද්ගලයෙකු සමග හෝටලයේ කාමරයක නවාතැන් ගැනීම සඳහා පැමිණ ඇති අතර, කාමරය විවෘත නොකිරීම පිළිබඳව සැක සිතී කළමනාකරු විසින් ආරුගම්බේ පොලිස් මුරපොලේ නිලධාරීන්ට දන්වා ඔවුන් සමග කාමරයෙහි දොර කඩා විවෘත කර ඇත.

එහිදී කාන්තාවක් කාමරයේ ලේ තැවරී මියගොස් සිටි බවත් කාමරයට යාබඳව ඇති නාන කාමරය තුළ සැකකරු ගෙල වැලලාගෙන ඇති බවත් නිරීක්ෂණය වී ඇත.

එලෙස ගෙල වැලලාගෙන මියගොස් ඇත්තේ 51 හැවිරිදි පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිදුවීම සම්බන්ධයෙන් පොතුවිල් පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

කාන්තාවක් ඝාතනය කර සැකකරු ගෙල වැලලා ගනී

කාන්තාවක් ඝාතනය කර සැකකරු ගෙල වැලලා ගනී

කාන්තාවක් ඝාතනය කර සැකකරු ගෙල වැලලා ගනී

කාන්තාවක් ඝාතනය කර සැකකරු ගෙල වැලලා ගනී