September 20, 2024 5:49 am
Facebook
Twitter
WhatsApp
කැරට් රත්තරං වගේ ගනං උස්සයි

කැරට් රත්තරං වගේ ගනං උස්සයි

කැරට් රත්තරං වගේ ගනං උස්සයි

මෙරට පළමු වරට කැරට් කිලෝවක සිල්ලර මිල ඊයේ (16 වැනිදා) දිනයේදී රුපියල් 2200 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ දිනයේ කැරට් කිලෝවක් අලෙවි කෙරුණේ රුපියල් 2200 ක සිල්ලර මිලකටය. ඉකුත් බ්‍රහස්පතින්දා (11 වැනිදා) එම ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක් අලෙවි කෙරුනේ රුපියල් 1400 ක සිල්ලර මිලකටය.

කැරට්වලට අමතරව නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ දිනයේදී බෝංචි කිලෝවක් රුපියල් 1400 කටද, බීට්රූට් කිලෝවක් රුපියල් 1200 කටද අලෙවි කෙරිණි.

නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ (16 වැනිදා) දිනයේදී කැරට් කිලෝවක තොග මිල රුපියල් 1800 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

කැරට් කිලෝවක් නුවරඑළිය වගා බිම්වලින් ගොවීන් අලෙවි කරනු ලැබුවේ රුපියල් 1700 කටය.සාමාන්‍යයෙන් නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව කැරට් කිලෝග්‍රෑම් 40,000 ත් 45,000 ත් අතර ප්‍රමාණයක් ලැබුණද, මේ දිනවල ලැබෙන කැරට් ප්‍රමාණය කිලෝග්‍රෑම් 5,000 ටත් වඩා අඩු ප්‍රමාණයක් දක්වා අඩුවී තිබේ.

මේ නිසා කැරට් මිල ඉහළ ගොස් ඇති අතර, ඉදිරි දිනවලදී කැරට් කිලෝවක මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන නිධාරිහු කියා සිටිති. මෙලෙස කැරට් මිල ගණන් විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සිල්ලර වෙළෙඳසල්වලද කැරට් අලෙවි නොකෙරේ.

වැසි තත්වය අඩුවීමෙන් පසුව නුවරඑළිය ආශ්‍රිත බොහෝ ප්‍රදේශවල මේ දිනවල කැරට් බීජ තවාන් දමා ඇති අතර, ඒවායෙහි අස්වැන්න නෙළා ගැනීමට සිදුවන්නේ මාර්තු මාසයේ අගදී හෝ අප්‍රේල් මාසයේ මුලදී බැවින් එතෙක් කැරට් මිල ඉහළ යනු ඇතැයිද ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීහු කියා සිටිති.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

කැරට් රත්තරං වගේ ගනං උස්සයි

කැරට් රත්තරං වගේ ගනං උස්සයි

කැරට් රත්තරං වගේ ගනං උස්සයි

කැරට් රත්තරං වගේ ගනං උස්සයි