June 14, 2024 11:57 pm
Facebook
Twitter
WhatsApp
කුකුල් චමින්ද ගැන පොලිස්පති කියයි.. ජනතාවගෙන්ද ඉල්ලීමක්..

කුකුල් චමින්ද ගැන පොලිස්පති කියයි.. ජනතාවගෙන්ද ඉල්ලීමක්..

කුකුල් චමින්ද ගැන පොලිස්පති කියයි.. ජනතාවගෙන්ද ඉල්ලීමක්..

මෙරට තුල අපරාධ, මත්ද්‍රව්‍ය තුරන් කිරීමට හා පාතාලය මර්දනය කිරීමට පොලිසියට නිරන්තරයෙන් මහජන සහය අවශ්‍ය බවත් පොලිසිය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීමෙන් ලාංකීය සමාජය සුරක්ෂිත වන බවත් පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පළකලේ 2024.06.05 වන දින “සුවසාර කැදැල්ල” ප්‍රජාපාදක පුනරුත්තාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන සමූහයේ කැළණිය කොට්ඨාස මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී තවදුරටත්  අදහස් දක්වමින් පොලිස්පතිවරයා කියා සිටියේ පසුගිය දිනෙක  සමාජ මාධ්‍ය ජාලාවල විශාල කැලඹීමක් ඇති කරමින්, පියා කියා එක්වරම හඳුනා ගතහැකි පුද්ගලයෙකු තම දරුවාට අමානුෂික ආකාරයෙන් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සංසරණය වූ බවත් එම පුද්ගලයා හැකි ඉක්මනින් නීතිය ඉදිරියට රැගෙනවිත් ලබාදියහැකි උපරිම දඬුවම් අපරාධකරුට ලබාදෙන ලෙසටත් තරුණ වැඩිහිටි සියලු පාර්ශවයන් සහ විවිධ සමාජ සංවිධාන ඉල්ලා සිටි බවයි

අපරාධකරු කාගේ කවුරුන්ද  ලංකාවේ කොතැනක සිදු වූ සිදුවීමක්ද යන්න කිසිවෙකුත් නොදැන සිටි අවස්ථාවක මහජනතාව ලබාදුන් සහයෝගයෙන්  ශ්‍රී ලංකා පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකායේද පූර්ණ සහයෝගය ඇතිව අපරාධකරු කඩිනමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කල බවත් දරුවාගේ හෙට දවසේ සුරක්ෂිතභාවය වෙනුවෙන් පරිවාස භාරයට පත්කල බවත් සඳහන්කල පොලිස්පතිතුමන්

මෙම සිදුවීම සිහිගන්වමින් කියා සිටියේ  මහජනතාවට පොලීසිය පිලිබඳ විවේචන තිබිය හැකි බවත් එම වැරදි අඩුපාඩු නිවැරදිකර ගැනීමට පොලීසිය සූදානම් බවත් බහුතරයක් පොලිස් නිලධාරීන් අවංකව කැපවීමෙන් තම රාජකාරිය ඉටුකරන බැවින් පටු අන්තවාදී ලෙස පොලිසියේ චිත්ත ධෛර්යය සහ පොලිස් නිලධාරීන්ගේ මානසිකත්වය බිඳ දැමීමට කටයුතු නොකරන ලෙසයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us