March 5, 2024 4:06 pm
Facebook
Twitter
WhatsApp
කුඹුරු අක්කරයකට ලක්ෂයක වන්දියක් දීම ප්‍රතික්ෂේපයි

කුඹුරු අක්කරයකට ලක්ෂයක වන්දියක් දීම ප්‍රතික්ෂේපයි

කුඹුරු අක්කරයකට ලක්ෂයක වන්දියක් දීම ප්‍රතික්ෂේපයි

නියඟය නිසා හානි වූ කුඹුරු අක්කරයක් සඳහා රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කළ යෝජනාව ඇමැති මණ්ඩලය ප්‍රතික්ෂේප කර ඇත.

ඇමැති මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත්තේ පැරණි ආකාරයටම හානි වූ කුඹුරු අක්කරයක් සඳහා රුපියල් හතළිස් දහසක මුදලක් පමණක් ගෙවන ලෙසය. පවතින ආර්ථික අර්බුදය නිසා මෙම තීරණය ගෙන ඇත.

වගා හානි සිදුවූ අක්කරයක් සඳහා ගෙවන රුපියල් 40000ක වන්දි මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවින් වන්දි මුදල වැඩි කර දෙන ලෙස ගොවීන් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීරගෙන් පසුගිය කාලයේදී දිගින් දිගටම ඉල්ලා සිටියේය.

ඒ අනුව අක්කරයක් ​සඳහා ගෙවන වන්දි මුදල රුපියල් ලක්ෂයක් පමණ දක්වා වැඩි කර අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවත් ඊට අනුමැතිය ලබාදී නැත. රටේ මූල්‍ය අර්බුදයක් පවතින බැවින් පැරණි ආකාරයටම අක්කරයකට රුපියල් 40000ක් ගෙවන ලෙස කැබිනට් මණ්ඩලය නිර්දේශ කර ඇත.

ඉකුත් දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වී වගාව හෙක්ටයාර් 70000කට පමණ හානි සිදුවී ඇතැයි ගණන් බලා තිබේ. මේ අනුව වන්දි ගෙවීමට නියමිත ගොවීන් සංඛ්‍යාව 60000කට අධිකය.

මේ අතර මෙවර මහ කන්නයේදී ගොවීන්ට නිකුත් කිරීම සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25000ක් ආනයනය කිරීම සඳහා කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර ඉදිරිපත් කරන ලද විශේෂ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලැබී ඇත.

යූරියා ආනයනයට අදාළව සමාගම් හයක් විසින් කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර ඇති අතර ඒ අතරින් යූරියා මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 435 බැගින් ආනයනය කිරීමට ටෙන්ඩරය ඉදිරිපත් කරන ලද සමාගමට යූරියා ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

කුඹුරු අක්කරයකට ලක්ෂයක වන්දියක් දීම ප්‍රතික්ෂේපයි

කුඹුරු අක්කරයකට ලක්ෂයක වන්දියක් දීම ප්‍රතික්ෂේපයි

කුඹුරු අක්කරයකට ලක්ෂයක වන්දියක් දීම ප්‍රතික්ෂේපයි

කුඹුරු අක්කරයකට ලක්ෂයක වන්දියක් දීම ප්‍රතික්ෂේපයි