April 18, 2024 5:56 am
Facebook
Twitter
WhatsApp
කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පළමු සමුළුව බ්‍රිතාන්‍යයේදී

කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පළමු සමුළුව බ්‍රිතාන්‍යයේදී

කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පළමු සමුළුව බ්‍රිතාන්‍යයේදී

කෘත්‍රීම බුද්ධිය පිළිබඳ ලොව පළමු සමුළුව බ්‍රිතාන්‍යයේදී පැවැත්වීමට නියමිත බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවසයි.

බ්‍රිත්‍යාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් මේ දිනවල අමෙරිකාවේ සංචාරයක නිරතවී සිටින අතර වොෂින්ටන් නගරයේදී ඔහු මේ බව පවසා තිබුණි.

ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබුණේ මෙම වසරේ දෙවන භාගයේදී මෙම සමුළුව පැවැත්වීම කෙරෙහි අවධානය යොමුවී ඇති බවය.

ලොව වැඩි අවධානයක් යොමුවී තිබෙන කෘත්‍රීම බුද්ධය පිළිබඳ හොඳ සහ නරක සාකච්ඡා කිරීම වෙනුවෙන් මෙම සමුළුව පැවැත්වෙන බවද ඔහු එහිදී අදහස් දක්වා තිබේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කෘත්‍රීම බුද්ධිය මිනිසුන්ගේ යහපත වෙනුවෙන් සහ දෛනික කටයුතු පහසු කරගැනීම වෙනුවෙන් භාවිත කිරීමට අවධානය යොමුකළ යුතු බවය.

කෙසේවෙතත් කෘත්‍රීම බුද්ධිය භාවිත කිරීමේදී පළමුවෙන්ම ආරක්ෂාව තහවුරු කර ගැනීම කෙරෙහි දැඩි අවධානයක් යොමුකළ යුතු බවද ඔහු පවසයි.

මෙම සියලු කරුණු කෙරෙහි අවධානය යොමුකිරීම වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය පිළිබඳ සමුළුවට නායකත්වය දීමට බ්‍රිතාන්‍ය වඩාත් සුදුසුම ස්ථානයක සිටින බවද රිෂී සුනක් මහතා පවසා තිබේ.

ඔහු එහිදී පෙන්වා දී ඇත්තේ ලොව ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතුරින් අමෙරිකාව හැරුණුකොට මෙවන් වෙනසක් සඳහා නායකත්වය දිය හැකි ප්‍රමුඛ රට බ්‍රිතාන්‍ය බවය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us