March 5, 2024 3:29 pm
Facebook
Twitter
WhatsApp
කොවිඩ් වැඩිවී ඇත්දැයි බලන්න දිගටම පරීක්ෂණ

කොවිඩ් වැඩිවී ඇත්දැයි බලන්න දිගටම පරීක්ෂණ

කොවිඩ් වැඩිවී ඇත්දැයි බලන්න දිගටම පරීක්ෂණ

JN 1 කොවිඩ් උප ප්‍රභේදය සහ ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තිය වැඩිවී ඇත්දැයි සොයා බැලීම සඳහා දිවයිනේ ප්‍රධාන රෝහල් දහනවයකින් දෛනිකව ජෛව සාම්පල ලබාගෙන පරීක්ෂණ සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම පරීක්ෂණවලින් සමාජය තුළ JN 1 කොවිඩ් උප ප්‍රභේදය සහ ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ වැඩිවීමක් පෙන්නුම් නොකරන බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ඊයේ (27 වැනිදා ) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී ඇත්තේ JN 1 කොවිඩ් උප ප්‍රභේදය පිළිබඳව අවධානය යොමුකරමින් ආවේක්ශන කටයුතු ශක්තිමත් කිරීමට කටයුතු කරන ලෙසයි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශය පසුගිය සති දෙකක කාලය තුළදී රෝග ආවේක්ශන කටයුතු ශක්තිමත් කර ඇති බව ළමා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් සහ ජාතික රෝහලේ රෝගීන්ගේ ජෛව සාම්පල ගෙන පරීක්ෂා කිරීම් සිදුකළ බවද ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළේ JN 1 කොවිඩ් උප ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළුවීම සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බවත් අමාත්‍යාංශය විසින් ඒ සම්බන්ධයෙන් සියලුම අංශ දැනුවත් කර ඇති බවත්ය.

දැනට මෙම කොවිඩ් වෛරසය පිළිබඳව අනියත බියක් ඇතිනොකර ගතයුතු බවද ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

කොවිඩ් වැඩිවී ඇත්දැයි බලන්න දිගටම පරීක්ෂණ

කොවිඩ් වැඩිවී ඇත්දැයි බලන්න දිගටම පරීක්ෂණ

කොවිඩ් වැඩිවී ඇත්දැයි බලන්න දිගටම පරීක්ෂණ

කොවිඩ් වැඩිවී ඇත්දැයි බලන්න දිගටම පරීක්ෂණ