March 3, 2024 12:14 pm
Facebook
Twitter
WhatsApp
කොළඹ-බදුල්ල පාරේ නායයෑමේ ලක්ෂණ ගැන අනාවරණයක්

කොළඹ-බදුල්ල පාරේ නායයෑමේ ලක්ෂණ ගැන අනාවරණයක්

කොළඹ-බදුල්ල පාරේ නායයෑමේ ලක්ෂණ ගැන අනාවරණයක්

නාය යෑමට ලක්වූ කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල, බත්ගොඩ ප්‍රදේශය ආශ්‍රිතව ඉරි තැළීම් දක්නට ලැබුණු බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය ඉකුත් 2015 වසරේදී කරන ලද අධ්‍යයනයකදී තහවුරු කරගෙන තිබේ.

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 179ත් 180ත් අතර වූ ප්‍රදේශය පෙරේදා (05) සවස් කාලයේදී නායයෑම හේතුවෙන් මාර්ගයේ වාහන ධාවනය සම්පූර්ණයෙන් නතර විය. ඊයේ (06) දහවල් කාලයේදී එක් මංතීරුවක් පමණක් වාහන ගමනාගමනයට විවෘත කෙරුණි.

බෙරගලට පහළින් වූ ප්‍රදේශය මෙලෙස නායයෑමට ලක්වූ අතර, නායයෑම හේතුවෙන් ඒ ආසන්නයේ වූ නිවාස හතරක් සහ තාවකාලික වෙළෙඳසලක් දැඩි අවදානමට ලක්ව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර පැවසුවේය.

එම නිවාස සහ වෙළෙඳසලේ පදිංචි පිරිස ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ආපදා කළමනාකරණ අංශ පියවරගෙන තිබේ.

ඉහළ කඳු ප්‍රදේශයක් මෙලෙස නායයෑමට ලක්ව තිබෙන අතර, වර්ෂාවත් සමග මෙම ස්ථානය නාය ගොස් ඇති නිසා, අදාළ ස්ථානය පරීක්ෂා කිරීමට කණ්ඩායමක් යොදවා තිබෙන බවද ආචාර්ය වසන්ත සේනාධීර කීවේය.

අදාළ කඳු ප්‍රදේශයේ ඉහළින් පිහිටා තිබෙන කානු පද්ධති අවහිර වී තිබෙන බවත්, අවිධිමත් ලෙස ජලය ගලා යෑම නිසා මෙලෙස පස් කඳු කඩා වැටෙන බවත් ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන පැවසීය.

මේ අතර කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ 168 කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශය නායයාමක පූර්ව ලක්ෂණ ලෙස සැලකිය හැකි පසුබිමක් නිර්මාණය වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදයකුමාර පැවසුවේය.

මෙම ස්ථානයේ මාර්ගය හරහා ඉරිතැළීම් නිර්මාණය වී ඇති බවත් පැරණි නායයාමක් සක්‍රිය තත්ත්වයට පත්වී ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ කළ ස්ථානීය පරීක්ෂණයකදී අනාවරණය වී තිබේ.

බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ නායයෑම නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

කොළඹ-බදුල්ල පාරේ නායයෑමේ ලක්ෂණ ගැන අනාවරණයක්

කොළඹ-බදුල්ල පාරේ නායයෑමේ ලක්ෂණ ගැන අනාවරණයක්

කොළඹ-බදුල්ල පාරේ නායයෑමේ ලක්ෂණ ගැන අනාවරණයක්

කොළඹ-බදුල්ල පාරේ නායයෑමේ ලක්ෂණ ගැන අනාවරණයක්