March 3, 2024 12:11 pm
Facebook
Twitter
WhatsApp
කෝටි ගණන් වියදම් කරමින් ජනාවාසයකට විදුලිය දෙන්න අවශ්‍ය නෑ…

කෝටි ගණන් වියදම් කරමින් ජනාවාසයකට විදුලිය දෙන්න අවශ්‍ය නෑ…

කෝටි ගණන් වියදම් කරමින් ජනාවාසයකට විදුලිය දෙන්න අවශ්‍ය නෑ…

බලශක්ති අර්බුදය හමුවේ රට හමුවේ තිබෙන අභියෝගය සූර්යතාපය විදුලියට පරිවර්තනය කර ගැනිම බවත්, ජනාවාසකරණයේ දී නවීන තාක්ෂණය  පිළිබඳ සැලකිලිමත් විය යුතු බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ හැතැප්ම ගණන් විදුලි රැහැන් ඇද කෝටි ගණන් වියදම් කරමින් ජනාවාසයකට විදුලිය ලබාදීමේ අවශ්‍යතාවයක් වර්තමානයේ දි නොමැති බවයි.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසුවේ බත්තරමුල්ලේ සෙත්සිරිපාය දෙවන අදියරේ පිහිටි ශ්‍රවණාගාරයේ දි පැවැති ලෝක ජනාවාස දින උත්සවය අමතමිණි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය එය සංවිධානය කර තිබිණි.

1986 වසරේ සිය සෑම වසරක ම ඔක්තෝම්බර් මස පළමුවෙනි සඳුදා ලෝක ජනාවාස දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කර තිබේ. මෙවර ලෝක ජනාවාස දිනය සමැරුණේ 37 වන වරටයි. “සුරක්ෂිත නාගරික ආර්ථිකයක්” යන්න මෙවර ලෝක ජනාවාස දිනයේ තේමාවයි. ලෝක ජනාවාස දිනයට සමගාමී ව ජනාවාස සතියක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර එහි සමාරම්භක උත්සවය ලෙස මෙම උත්සවය සංවිධානය කර තිබිණි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙවර ලෝක ජනාවාස දිනයට සමාගාමීව සංවිධානය කෙරුණු දීප ව්‍යාප්ත චිත්‍ර හා රචනා තරඟයේ ජයග්‍රාහකයන් සඳහා තිළිණ ප්‍රදානය කිරීම අගමැතිවරයා අතින් සිදුවිය. ඊට අමතරව නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය සංවිධානය කළ ජනාවාස අතර නැටුම් තරඟාවලියේ ජයග්‍රාහක කණ්ඩායම් වෙත ද තිළිණ ප්‍රදානය අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා.

මිනිස් සමාජයේ මුලික මිනිස් අයිතිවාසිකම් අත්පත් කර ගැනීමට ලෝකයේ නිරන්තර උත්සාහයක යෙදී සිටිනවා. ඒ සදහා රටවල් අතර, ජාතීන් අතර, සංවිධාන අතර යම් යම් ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් එකඟතාවයන්ට එළඹෙනවා. බොහෝ කළකට පෙර ආහාර, නිවාස හා ඇඳුම් මිනිස් සමාජයේ මූලික මිනිස් අයිතිවාසිකම් ලෙස එක්සත් ජාතීන්ගේ පිළිගත්තා. අපි තවමත්  ඒ ඉලක්කයට ගමන් කරමින් සිටිනවා. අපේ රට දීර්ඝ කාලයක සිට විශාල පරිශ්‍රමයක යෙදෙමින් එහි ප්‍රතිඵල පෙන්නුම් කර තිබෙනවා. තවමත් ලොවට මේ ගැටළුව විසඳා ගැනීමට නොහැකි වූ බව මෙවරඑක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කර සිටියා. ඒ අපි වැනි කුඩා රටවල් වෙනුවෙන්.

මේ ජනාවාස දිනයේ අරමුණු සාක්ෂාත්  කර ගැනිම සදහා විෂයභාර අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මැතිතුමා දිගින් දිගමට පෙනි සිටිනවා. ඒ වෙනුවෙන්  යෝජනා ඉදිරිපත් කරමින්, සාකච්ඡාව පැවැත්වීමටත්, විදේශ ආධාර ලබාගැනීමටත් දරණ උත්සාහය කෘතවේදීව සිහිපත් කරනවා.

එකි මූලික අවශ්‍යතාවලට අතිරේකව අධ්‍යාපනය, සෞඛ්‍යය, පරිසරය අද යුගයේ තවත් වැදගත් කාරණා හැටියට ලොව සෑම රටක්ම පිළිගන්නවා. ජිවත්වීමට සුදුසු පරිසරයක අවශ්‍යතාවය, අධ්‍යාපන පහසුකම් හා සෞඛ්‍යය නිරෝගිභාවය යන සියල්ල ජනාවාසයක අන්තර්ගතයි.

මේ හැම නගරයක් වටේම පැල්පත් තිබෙනවා. දුක්ඛිත ලෙස ජීවත් වෙන අය වෙනුවෙන් වෙනම දිනයක් වෙනම වැඩපිළිවෙළක් අවශ්‍යයි කියන යෝජනාව එවකට අපේ අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතා ලෝක ජගත්  හමුවට ඉදිරිපත් කළා එය ලෝක ජගත් සමුළුවේ සැලකිල්ලට භාජනය වුණා. එක්සත් ජාතික ජාතීන්ගේ සංවිධානයඑම යෝජනාව පිළිගන්න සිදුවුණා. ඉන්පසු එම වැඩ පිළිවෙළ තව තවත් ඉදිරියට ගෙනයන්න අපේ රාජ්‍ය නායකයන්ට හැකි වුණා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාල පරිච්ඡේදයේ අපේ රටේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ලක්ෂ ගණනාවක් හිමි කර දී තිබෙනවා. ඒ වගේම  නිවාස ඉදිකර ගැනීමට විවිධ වැඩසටහන් සකස් කරමින් සහාය දැක්වූවා

මේ ජනාවාසවල ජීවත්වන දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්නභාවයට පවිත්‍ර ජලය වගේම අනාගත පැවැත්ම තහවුරු කිරීමට අධ්‍යාපනය අවශ්‍යයි. ඒ කරුණු මත, ජීවිත අවශ්‍යතාවයන් සපුරාලිය හැකි ජනාවාසයක් ඉදිකර ගැනීමට සඳහා අප කැප විය යුතුයි.

අපේ අත්දැකීම්, දායාදයන් ජාත්‍යන්තරවත් සැලකිල්ලට භාජනය වෙනවා. ජනාවාස කියන්නේ ඉදිරි දවස්වල පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවේ එක විෂයක්. මේ වන විටත්ඒ පිළිබඳ තොරතුරු සංඛ්‍යා ලේඛණ එක්තැන් කොට ගනිමින් අදාල සාකච්ඡා පැවැත්වෙනවා. එවැනි අත්දැකීම් සමුදායක් සමඟයි අපට ඉදිරියට ගමන් කරන්න වෙන්නේ.

https://googleads.g.doubleclick.net/pagead/ads?client=ca-pub-3163697735980928&output=html&h=250&adk=138716768&adf=1312246776&pi=t.aa~a.3645703070~i.29~rp.4&w=749&fwrn=4&fwrnh=100&lmt=1696302958&num_ads=1&rafmt=1&armr=3&sem=mc&pwprc=4363821718&ad_type=text_image&format=749×250&url=https%3A%2F%2Flankacnews.com%2F%25e0%25b6%259a%25e0%25b7%259d%25e0%25b6%25a7%25e0%25b7%2592-%25e0%25b6%259c%25e0%25b6%25ab%25e0%25b6%25b1%25e0%25b7%258a-%25e0%25b7%2580%25e0%25b7%2592%25e0%25b6%25ba%25e0%25b6%25af%25e0%25b6%25b8%25e0%25b7%258a-%25e0%25b6%259a%25e0%25b6%25bb%25e0%25b6%25b8%25e0%25b7%2592%25e0%25b6%25b1%25e0%25b7%258a-%25e0%25b6%25a2%2F&fwr=0&pra=3&rh=188&rw=749&rpe=1&resp_fmts=3&wgl=1&fa=27&uach=WyJXaW5kb3dzIiwiMTQuMC4wIiwieDg2IiwiIiwiMTE3LjAuNTkzOC45MiIsW10sMCxudWxsLCI2NCIsW1siR29vZ2xlIENocm9tZSIsIjExNy4wLjU5MzguOTIiXSxbIk5vdDtBPUJyYW5kIiwiOC4wLjAuMCJdLFsiQ2hyb21pdW0iLCIxMTcuMC41OTM4LjkyIl1dLDBd&dt=1696302958383&bpp=1&bdt=835&idt=1&shv=r20230925&mjsv=m202309210101&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3Dbbeb68b58e044478-22b7573dd0e30049%3AT%3D1694416846%3ART%3D1696302815%3AS%3DALNI_MZ3wVREBugGCCT8U2QwdYjrwdwQfQ&gpic=UID%3D00000c40d10ce36a%3AT%3D1694416846%3ART%3D1696302815%3AS%3DALNI_MYQcViz6iy3oSuKptwRxnDtcqskyQ&prev_fmts=0x0%2C1154x280%2C749x280%2C749x280%2C749x280&nras=5&correlator=5035967966110&frm=20&pv=1&ga_vid=598918211.1694416830&ga_sid=1696301963&ga_hid=1160508636&ga_fc=1&u_tz=330&u_his=13&u_h=768&u_w=1360&u_ah=768&u_aw=1360&u_cd=24&u_sd=1&dmc=8&adx=102&ady=2442&biw=1343&bih=657&scr_x=0&scr_y=13&eid=44759927%2C44759876%2C44803491%2C31078200%2C44801485%2C31078297%2C31067146%2C31067147%2C31067148%2C31068556&oid=2&pvsid=49159552519931&tmod=1006643513&uas=0&nvt=1&ref=https%3A%2F%2Flankacnews.com%2Fnews%2F&fc=1408&brdim=0%2C0%2C0%2C0%2C1360%2C0%2C1360%2C768%2C1360%2C657&vis=1&rsz=%7C%7Cs%7C&abl=NS&fu=128&bc=31&td=1&nt=1&ifi=6&uci=a!6&btvi=4&fsb=1&xpc=g8DTeVavAs&p=https%3A//lankacnews.com&dtd=72

අපේ භූමි භාගය වැඩිවෙන්නෙ නැහැ. ඒ වගේම නාගරික භූමි ප්‍රමාණය නිසි ලෙස  කළමනාකරණය කරගත යුතුයි. එසේ නොකළහොත් අපිට මීටත් වැඩිය ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා. ලෝක ජනාවාස දිනය වන අද දිනයේදී ජනතාවගේ ජන ජීවිතය රුකුලක් වන දේ,  ආරක්ෂාව, හා දියුණුව ඇති කළ හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා වෙනු ඇතැයි විශ්වාස කරනවා.

අද අපේ අභියෝග වෙනස් වෙලා. අන්ධානුකරණයෙන් බලපු කාලය ඉවරයි. තවදුරටත් හැතැප්ම ගණන් විදුලි රැහැන් ඇදීමේ අවශ්‍යතාවයක් නැහැ. කෝටි ගණන් වියදම් කරමින් ජනාවාසයකට විදුලිය දෙන්න අවශ්‍ය නැහැ. ඒ බව ඔප්පු වෙලා ඉවරයි. අද අපට තිබෙන අභියෝගය සූර්යතාපය විදුලියට පරිවර්තනය කර ගැනීමයි. ඒ නිසා අලුතෙන් හිතන්න ඕනේ. වියදම් අඩු කරගන්න ඕනේ. පරිසර හිතකාමී ලෙස අලුත් තාක්ෂණයට පිවිසෙන්න ඕනේ. ඒ සදහා අපට  සහයෝගයක් දෙන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම්. ඒ ආකාරයෙන්ම අනෙකුත් සෑම කෂේත්‍රම සැලසුම් කරගැනීමේ අභියෝගෙ අප ජය ගත යුතුමයි.

අමාත්‍ය තෙනුක විදානපතිරණ

1986 වසරේදී කෙන්යාවේ නයිරෝබි නුවර දී ප්‍රකාශයට පත් වූ ලෝක ජනාවාස දිනය තේමාව වුණේ නිවස මගේ අයිතිය යන්නයි. එදා සිට අද දක්වා හැම වසරකම විවිධ තේමාවන් යටතේ ලෝක ජනාවාස දිනය සැමරෙනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සෑම වසරකම ඔක්තෝම්බර් පළවෙනිදා එළඹෙන සතිය ලෝක ජනාවාස දිනය ලෙස තීරණය කළා. ඒ දිනය  ලෝකයේ බොහෝ රටවල ජනාවාස දිනය ලෙස සමරනවා.

එක්සත් ජාතීන්ගේ නිවාස වැඩසටහන මගින් නාගරික කරණයේ දී ඇතිවන නිවාස ගැටලු සඳහා සැලසුම් සකස් කෙරෙනවා. ඒ වගේම ක්‍රියාත්මක  කෙරෙනවා.

ග්‍රාමීයව  ජීවත්වෙන මිනිස්සු නගර කරා ඇදී එනවා. හොඳ ජීවන තත්ත්වයක් අපේක්ෂාවෙන් බොහෝ පිරිස නගරවලට ඇදී එනවා. යථාර්ථය එය නොවේ. නාගරීකරණය නිසා ඇතිවන ගැටලුවලට පිළියම් සොයන මධ්‍යස්ථානයක් බවට නගරය පත්වෙනවා.

මේ අයගේ ජීවන තත්ත්වය නංවාලීමේ ඒකකයක් ලෙස ක්‍රියාත්මක වීමට නගරයට සිදුවෙනවා.

රැකියා ලබාදීමට, ව්‍යාපාර ආරම්භ කිරීමට නගරයට ඇදී එන පිරිසට හැකියාව ලැබෙනවා.

ග්‍රාමීය ජනතාවගේ අනාගතය යහපත් කරන්න සෞභාග්‍යමත් කරන්න ඒකකයක් ලෙස නගරය සැලසුම් විය යුතුයි.

මෙවර ලෝක ජනාවාස දිනයේ තේමාව සුරක්ෂිත නාගරික ආර්ථිකයක් ලෙස නම් කර තිබෙනවා.

නගරය තුළ ජීවත්වන අය පමණක් නොව නගරයට ඇදී එන අයටත්  සුරක්ෂිත රැකියා සපයන ආයතන වර්ධනය කරන  කේන්ද්‍රස්ථානයක් බවට නගරය පත්කරගත යුතුයි.

සුරක්ෂිත නාගරික ආර්ථිකයක් සඳහා අප සූදානම් විය යුතුයි.

අපට ජනාවාසකරණය නාගරිකකරණය මෙන්ම ජනාවාස නාගරීකරණය පිළිබඳ වත් ප්‍රතිපත්ති තිබෙනවා.

ඒ ප්‍රතිපත්ති පදනම් කරගත දිගුකාලීන සංවර්ධන සැලැස්මක් තිබෙනවා.

ප්‍රතිලාභ ලබන ප්‍රජාව ගේ  ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳව මෙහිදී අපි ප්‍රමුඛ අවධානයක් යොමු කළ යුතුයි.

අවදානම් සහගත ආර්ථික කටයුතු වලින් ඔවුන් ඉවත් කර ගත යුතුයි.

ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමත් සමඟම ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව අපේ දිගුකාලීන සැලසුම් වලට බාධාවක් නොවන පරිදි 2023 ළඟා කරගත යුතු තිරසාර සංවර්ධනයක් ළගා කර ගනිමින් සුරක්ෂිත නාගරීකරණයක්  සඳහා

අප කටයුතු කළ යුතුයි.

ඒ සඳහා නාගරික සංවර්ධන, ජාතික නිවාස සංවර්ධන, නාගරික ජනාවාස සංවර්ධන යන ආයතන වලට පූර්ණ කාලීන ව කටයුතු කරන්නට සිදු වෙනවා.

ජාත්‍යන්තර  වශයෙන් පවතින ප්‍රවණතාවයන් ප්‍රතිපත්ති සැලසුම් කිරීමේදී වගේම මධ්‍යකාලීන කෙටි කාලීන සංවර්ධන සැලසුම්වල දී එම තත්වයන් පැහැදිලිව එක්කර ගත යුතුයි.

ලෝකය පුරා  පවතින තත්ත්වයන් අධ්‍යයනය කර ඒ පිළිබඳව අපි අපේ සැලසුම් සකස් කර ගත යුතුයි.

ලෝක ජනාවාස දිනය තවත් එක් උත්සවයක් බවට පත් කර නොගෙන එය යථාර්ථයක් බවට පත්කර ගැනීමට සැලසුම් කරමු.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්. එස්. සත්‍යානන්ද, එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ ශ්‍රී ලංකා කාර්යාලයේ වැඩසටහන් කළමණාකරණ නිළධාරී Mr. Salem Karimzada යන මහත්මවරු මෙහිදී කථා කළහ.

– ප්‍රදීප් අනුර කුමාර

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

කෝටි ගණන් වියදම් කරමින් ජනාවාසයකට විදුලිය දෙන්න අවශ්‍ය නෑ…

කෝටි ගණන් වියදම් කරමින් ජනාවාසයකට විදුලිය දෙන්න අවශ්‍ය නෑ…

කෝටි ගණන් වියදම් කරමින් ජනාවාසයකට විදුලිය දෙන්න අවශ්‍ය නෑ…

කෝටි ගණන් වියදම් කරමින් ජනාවාසයකට විදුලිය දෙන්න අවශ්‍ය නෑ…