March 3, 2024 12:02 pm
Facebook
Twitter
WhatsApp
ග‌ණේමුල්ල සංජීවගේ මිනීමැරුම් 16ක තතු එළියට

ග‌ණේමුල්ල සංජීවගේ මිනීමැරුම් 16ක තතු එළියට

ග‌ණේමුල්ල සංජීවගේ මිනීමැරුම් 16ක තතු එළියට

මෙහිදී ගණේමුල්ල සංජීව විසින් මෙහෙයවූ මිනීමැරුම් නවයකට අදාළ ආයුධද මේ වන විට සොයාගෙන ඇත.

ගණේමුල්ල සංජීවට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය සකසා දුන් කල්ලියේ සිව්දෙනකුද මෙම විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර කාන්තාවක්ද වන අතර ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය යොදාගෙන ගණේමුල්ල සංජීවට බලපත්‍රය සකසා දී ඇතැයි හෙළි වී තිබේ.

සේනාධීරගේ කරුණාවතී නමින් වූ කාන්තාවකට අයත් ගුවන් ගමන් බලපත්‍රයේ දෙවැනි පිටුව ඉවත් කර සේනාධීගේ කරුණාරත්න නමින් සැකසූ පිටුවක් ඊට ඇතුළත් කර ඇත. වැල්ලම්පිටියේ පදිංචි මොහොමඩ් රින්සාෆ් නමැත්තෙකු ඔහුගේ නිවසේ දී පරිගණක යොදාගෙන මෙම ගුවන් ගමන් බලපත්‍රයේ දෙවැනි පිටුව සකස් කර ඇත.

ආදම්බාවා බුහාරි ජවුෆර් නමැති කොළඹ පදිංචි කරුවකුට මෙම ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය සැකසීමට රුපියල් ලක්ෂ විස්සක් හා සංජීවගේ ඡායාරූපයක් ලබා දී ඇත්තේ සංජීවගේ ගෝලයකු වන ඩුබායිහි සිටින ප්‍රසාද් නමැත්තෙකි.

ජවුෆර් නමැත්තා ව්‍යාජ ලෙස සකසා ගත් ගුවන් ගමන් බලපත්‍රය නේපාලයේ කත්මන්ඩු වෙත රැගෙන විත් ගණේමුල්ල සංජීවට ලබාදී තිබිණි.

ගණේමුල්ල සංජීව ගම්පහ මහාධිකරණ නඩුවකින් 2021 දෙසැම්බර් 09 ඇප ලබා නීතිඥවරයකුගේ සහාය මැද අධිකරණයෙන් පිටතට පැමිණ කුලී වාහනයකින් මන්නාරමට ගොස් බෝට්ටුවකින් ඉන්දියාවට ගොස් තිබිණි.

ඉන්දියාවේ සිට නේපාලයට ගොස් නේපාලයේදී එම ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය යොදාගෙන කටාර් වෙත ගිය පසුව ගණේමුල්ල සංජීව මෙම වසරේ සැප්තැම්බර් 06 වැනිදා යළි නේපාලයට පිටුවහල් කරන්නේ එරට ආගමන විගමන නිලධාරීන්ට හසුවීම නිසාය.

ගණේමුල්ල සංජීවට ව්‍යාජ ගුවන් බලපත්‍ර සැකසූ අයුරින්ම සංජීවගේ මැදිහත්වීමෙන් කරන්දෙණියේ සුද්දා, කරන්දෙණියේ රාජු, බූස්සේ ජබ්බා, දිප්පිටිගොඩ ලහිරු, පැට්ටා මංජු, ලොකු ලහිරු, ආමි අසංක, හීනටියන සංක ඇතුළු දහඅටදෙනකු ඉන්දියාව හා ඩුබායි වෙත පැන ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.

සංජීවට රට පැනගැනීමට යොදාගත් ගුවන් ගමන් බලපත්‍රය හිමි කාන්තාව ඕමානයට යෑමට රැකියා ඒජන්සියකට එය ලබාදුන් පසුව වයස වැඩි හේතුව මත ගුවන් ගමන වැළකී ගොස් ඇතත් ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය යළි නොදීමට ඒජන්සිකරු පියවර ගෙන ඇත.

මෙය ලබා නොදීම නිසා තම ගුවන් ගමන් බලපත්‍රය නැතිවූ බවට ආගරපතන පොලිසියේ සැරයන්වරයකු ලවා පැමිණිල්ලක් සටහන් කර අලුත් ගුවන් ගමන් බලත්‍රයක් ගැනීමට එම කාන්තාව පියවර ගෙන තිබේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ග‌ණේමුල්ල සංජීවගේ මිනීමැරුම් 16ක තතු එළියට

ග‌ණේමුල්ල සංජීවගේ මිනීමැරුම් 16ක තතු එළියට

ග‌ණේමුල්ල සංජීවගේ මිනීමැරුම් 16ක තතු එළියට

ග‌ණේමුල්ල සංජීවගේ මිනීමැරුම් 16ක තතු එළියට