ගිරිඋල්ල පොලිස් වසමේ කජුවැටියවත්ත කුඹුරේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුව ඇත.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර, වයස අවුරුදු 50ත් – 60ත් අතර වයසේ පසුවන අයෙකු බවට පොලීසිය සැකපළ කරයි.
නිරුවත් මළ සිරුර හඳුනාගත නොහැකි මට්ටමට විකෘති වී ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
මෘත ශරීරය කුලියාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර, ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.