සිය නිවස වෙත රැගෙන යාමට ගාල්ල බන්ධනාගාරයෙන් මාළු ඉල්ලූ විගණන නිලධාරියා සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ විගණන කටයුත්තකට ගොස් නැවත කොළඹ බලා පැමිණෙමින් සිටි නිලධාරියෙකු ගාල්ල බන්ධනාගාරයෙන් එලෙස මාළු ඉල්ලා ඇති බවයි වාර්තා වේ.
ඒ අනුව එම බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු විසින් නියාමකවරයෙකු හරහා අදාළ නිලධාරියාට මාළු ලබා දී තිබේ.
කෙසේවෙතත් නියාමකවරයෙකු හරහා තමන්ට මාළු ලබා දීම සම්බන්ධයෙන් ලැජ්ජාවට පත් වූ අදාළ නිලධාරියා ගාල්ල බන්ධනාගාරයේ උසස් නිලධාරින් දෙදෙනෙකුට බැන වැදී ඇති බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාරයේ ඉහළ නිලධාරියෙකු ලොග් සටහනක්ද තබමින් බන්ධනාගාර මූලස්ථානය වෙත ලිඛිතව දිනුම් දී තිබේ.
අදාළ නිලධාරියාට එරෙහිව බන්ධනාගාර අධිකාරිවරුන් කිහිපදෙනෙකුම මීට පෙරද බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බව වාර්තා වේ.