March 3, 2024 11:30 am
Facebook
Twitter
WhatsApp
චිකාගෝව වගේ වෙයි.. එක පවුලේ තිදෙනෙකුට මහ පාරේ වෙඩි තියයි..

චිකාගෝව වගේ වෙයි.. එක පවුලේ තිදෙනෙකුට මහ පාරේ වෙඩි තියයි..

චිකාගෝව වගේ වෙයි.. එක පවුලේ තිදෙනෙකුට මහ පාරේ වෙඩි තියයි..

අහුන්ගල්ල, ගල්වෙහෙර නව ආදර්ශ විද්‍යාලය අසලදී 21 රාත්‍රී යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටි එකම පවුලේ තිදෙනෙකුට (03) වෙඩි තබා බරපතල තුවාල සිදුකර තිබෙන බව අහුන්ගල්ල පොලීසිය කියයි.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ අහුන්ගල්ල නගරයේ ලී බඩු වෙළෙද ව්‍යාපාරයක් පවත්වාගෙන යන අයෙකුගේ පුතාට, ඔහුගේ බිරිදට හා මාස 05 ක් පමණ වයසැති ඔවුන්ගේ කුඩා පුතුට බව අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල තිදෙනා බළපිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබෙන අතර එයින් අසාධ්‍ය තත්ත්වයේ සිටි පිරිමි පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සදහා ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙන බව බළපිටිය මූලික රෝහලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි. තුවාල ලැබූ කාන්තාව හා ඔවුන්ගේ කුඩා දරුවා බළපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

තුවාල ලැබූ එකම පවුලේ තිදෙනා යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් වෙඩි තැබීම සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ. වෙඩි තැබීමෙන් පසු ත්‍රීරෝද රථය ඌරගස්මන්හන්දිය දෙසට ගමන කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවද අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

කුඩා දරුවගේ කකුල් දෙකට, මවගේ බඩ ප්‍රදේශයට හා පියාගේ මුහුනට වෙඩි වැදී තිබෙන බව අහුන්ගල්ල පොලීසිය මෙතෙක් කරන ලද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

– ජයකාන්ත ලියනගේ

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us