ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් 21 වන දක් දින දක්වා මෙරටට පැමිණෙන ගුවන්යානාවල සැලකිය යුතු වැඩිවීමක් හෝ අඩුවීමක් මෙතෙක් වාර්තා නොවන බව ගුවන් තොටුපොළ ගුවන් ගමන් පාලන මධ්‍යස්ථාන නිලධාරියකු සඳහන් කළේය.
කිසිදු ගුවන් සමාගමක් මේ දක්වා තම සමාගමේ අමතර ගුවන් යානා ශ්‍රී ලංකාවට යොමු කිරීමක් සම්බන්ධයෙන් මෙතෙක් දැනුවත් කිරීමක් සිදු කර නැති බවද හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් පෞද්ගලික ගුවන් යනා කිහිපයක් ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සදහා පහසුකම් සැපයීමට සූදානමින් සිටින බවත් ඔහු කීය.
ඒ හැරුණු කොට අමතර වෙනත් කිසිදු ගුවන් යානාවක් ශ්‍රී ලංකාවට ඉදිරි දිනවල පැමිණීමට සැලසුම් කර ඇතැයි මෙතෙක් දැනුම් දී නැති බවද හෙතෙම පැවසීය.
ඒ අනුව ගිය වසරේ මෙම කාලයේදී පැමිණි හා පිටවූ මගී සංඛ්‍යාවටම ආසන්න ප්‍රමාණයක් මෙහෙයවීමට මෙරට ගුවන් තොටුපළවල් සූදානමින් සිටින බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.