ප්රදේශ කිහිපයකට කෙටි පණිවිඩ මඟින් මාසික බිල්පත් ලබා දෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය පැවසුවේ දකුණු කොළඹ, මහනුවර,පොළොන්නරුව සහ ත්රිකුණාමලය යන ප්රදේශවලට මෙම කෙටි පණිවිඩ සේවාව ක්රියාත්මක බවයි.
2023 ඔක්තෝම්බර් 01 වනදා සිට මෙය ක්රියාත්මක වනු ඇත.
එම මණ්ඩලය වැඩිදුරටත් දන්වා සිටියේ මෙම ක්රමය 2024 ජනවාරි 01 වනදා සිට දිවයින පුරා ක්රියාත්මක කරන බවයි.