April 18, 2024 7:00 am
Facebook
Twitter
WhatsApp
ජාතික ශිල්ප සභාව කංසා තන්තුවලින් සල්ලි උල්පත් මවන්න යයි

ජාතික ශිල්ප සභාව කංසා තන්තුවලින් සල්ලි උල්පත් මවන්න යයි

ජාතික ශිල්ප සභාව කංසා තන්තුවලින් සල්ලි උල්පත් මවන්න යයි

මෙරට නීතිමය වශයෙන් තහනමට ලක්ව ඇති කංසා ශාකයේ තන්තු යොදා ගනිමින් අත්කම් නිර්මාණ සහ භාණ්ඩ නිෂ්පාදනය සිදුකර විශාල අදායමක් ලබාගත හැකි බවත් වැටලීම්වලදී ගිනි තබා විනාශ කරනු ලබන කංසා ශාක තන්තු ලබා ගැනීම සඳහා නිර්මාණ ශිල්පීන්ට ලබාදීම සඳහා මේ වන විට ඉල්ලීමක් සිදුකර ඇති බවත් ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල පැවසීය.

මේ වන විටත් ඉන්දියාව,කාම්බෝජය වැනි රටවල් රැසක් මෙම ශාකයේ තන්තු යොදා ගනිමින් භාණ්ඩ නිෂ්පාදනයේ නිරතව සිටින බවත් එම නිර්මාණ අලංකාර,භාවිතයට සුවපහසු මෙන්ම ශක්තිමත් හා කල් පවත්නා නිර්මාණ වන බවත් හෙතෙම සඳහන් කළේය.

මේ වන විට ලංකාව තුළ විනාශයට පත් කරන කංසා ශාකයෙහි කඳ කොටසින් නිර්මාණවලට අවශ්‍ය තන්තු ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳ හා මෙම ශාක වගා කිරීමට ඇති නෛතික රාමුව සකසා ගැනීම පිළිබඳ මෙන්ම ශාකයේ තන්තු වෙන්කොට භාවිතයට සුදුසු තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව සිදුකිරීමට අවැසි තාක්ෂණය පිළිබඳවත් මේ වන විට අවධානය යොමුව ඇත.

ඒ සඳහා අමාත්‍යාංශ මට්ටමින් සහය බාගැනීම සඳහා ජාතික ශිල්ප සභාව විසින් මේ වන විට ඉල්ලීම් සිදුකර ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us