May 23, 2024 2:23 pm
Facebook
Twitter
WhatsApp
තරුණියක් නිසා සිවූදෙනෙක් කපා ගනී

තරුණියක් නිසා සිවූදෙනෙක් කපා ගනී

තරුණියක් නිසා සිවූදෙනෙක් කපා ගනී

තරුණියක් මුල් කරගෙන මිල්ලනිය බැල්ලන්තුඩාව ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් සිව් දෙනෙකු කැපුම් තුවාල ලබා රෝහල් ගතව ඇතැයි මිල්ලනිය පොලිසිය පවසයි.

ඇතිවූ ගැටුමෙන් යතුරුපැදියකට හා ත්‍රී රෝද රථයකටද බරපතල අලාභ සිදුවී තිබේ.

මිල්ලනිය බැල්ලන්තුඩාව ධම්මානන්ද මාවතේ වෙළඳසැලක් ඉදිරිපිටදී කඩු සහ මන්නා වලින් එකිනෙකට පහර දීගෙන මෙම ගැටුම හටගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා  හොරණ මූලික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙක  වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනෙකු බැල්ලන්තුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් පුද්ගලයා පොකුණු විට පදිංචිකරුවෙකි.

සිද්ධිය වූ ස්ථානයට පානදුර අපරාධ පරීක්ෂණාගාරය නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

තරුණියක් නිසා සිවූදෙනෙක් කපා ගනී

තරුණියක් නිසා සිවූදෙනෙක් කපා ගනී

තරුණියක් නිසා සිවූදෙනෙක් කපා ගනී

තරුණියක් නිසා සිවූදෙනෙක් කපා ගනී