June 15, 2024 1:11 am
Facebook
Twitter
WhatsApp
තරු පහේ හෝටලයට රටින් ගෙනා මස් තොගයට සීල්

තරු පහේ හෝටලයට රටින් ගෙනා මස් තොගයට සීල්

තරු පහේ හෝටලයට රටින් ගෙනා මස් තොගයට සීල්

කොළඹ තරු පහේ හෝටලයක දින දහයක් පුරා පවත්වන ආහාර ප්‍රදර්ශනයකට නිසි අවසරයකින් තොරව එංගලන්තයෙන් ගෙන්වූ හරක් හා ඌරුමස් කිලෝ තුන්සියයක් පමණ සෞඛ්‍ය අංශ භාරයට ගෙන ඇත.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිසි අවසරය නොගැනීමත්, මෙම මස් නිකුත් කළ එංගලන්ත සමාගමෙන් ඒවා මනුෂ්‍ය පරිභෝජනයට සුදුසුද යන්න තහවුරු කරන කිසිදු සහතිකයක් නොමැතිකම නිසාත් සිය භාරයට ගත් මෙකී මස් තොගය මුදා හැරිම සෞඛ්‍ය අංශ විසින් ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේ වෙතත් මෙම මස් තොගය සාම්පල් පරීක්ෂාවක් සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කර තිබේ. එම සාම්පල පරීක්ෂා කරන තුරු භාවිතයට නොගන්නා ලෙස දන්වා මස් තොගය ශීතාගාරවල වෙනම රඳවා තැබීමේ නියෝගය මත මුදා හැර ඇත. මෙහි වාර්තාව ඉදිරි දින කිහිපයේදී ලබා​දෙන බව වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර අරුණ කළ විමසුමකදී පැවසීය.

මීට පෙර මෙරටට චීනයෙන් ගෙන්වූ ඌරුමස් ඇතුළු මස් තොගයක් විනාශ කර දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබුණේ රටවල් ගණනක සූකර උණ ව්‍යාප්තවීම නිසාය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

තරු පහේ හෝටලයට රටින් ගෙනා මස් තොගයට සීල්

තරු පහේ හෝටලයට රටින් ගෙනා මස් තොගයට සීල්

තරු පහේ හෝටලයට රටින් ගෙනා මස් තොගයට සීල්

තරු පහේ හෝටලයට රටින් ගෙනා මස් තොගයට සීල්