March 5, 2024 5:08 pm
Facebook
Twitter
WhatsApp
තවත් බාල ඖෂධ හා ශල්‍ය උපකරණ 8ක් භාවිතයෙන් ඉවතට

තවත් බාල ඖෂධ හා ශල්‍ය උපකරණ 8ක් භාවිතයෙන් ඉවතට

තවත් බාල ඖෂධ හා ශල්‍ය උපකරණ 8ක් භාවිතයෙන් ඉවතට

මාසයක කාලයකදී තවත් ඖෂධ හා ශල්‍ය උපකරණ කාණ්ඩ අටක් තත්ත්වයෙන් බාල බව තහවුරු වී ඇති බැවින් ඒවා රෝහල්වල භාවිතයෙන් ඉවත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශ වාර්තා අනාවරණය කරයි.

මෙම ඖෂධවලින් හතක් ඉන්දියාවෙන් ආනයනය කර ඇති අතර, අනෙක් ඖෂධය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව නිෂ්පාදනය කළ ප්‍රතිජීවක ඖෂධයකි.

ඒවායේ ඖෂධීය රසායනික සංයුතිය නොමැති බව තහවුරු වී ඇතැයි වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක නිකුත් කළ ලිපිවල සඳහන් වෙයි.

පසුගිය මාස දහයක කාල සීමාවේදී බාල ඖෂධ හා ශල්‍ය උපකරණ කාණ්ඩ අසු නවයක් භාවිතයෙන් ඉවත් කිරීමට හෝ තාවකාලිකව අත්හිටුවීමට ද වෛද්‍ය සැපයුම් අංශය තීරණය කර තිබිණි.

මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ කාණ්ඩ තත්ත්වයෙන් බාල බව තහවුරු වී ඇති බැවින් කර්මාන්තශාලාව හා ඖෂධවල ප්‍රමිතිය පිළිබඳ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් තත්ත්ව පරීක්ෂාවක් සිදු කළ යුතු බවයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

තවත් බාල ඖෂධ හා ශල්‍ය උපකරණ 8ක් භාවිතයෙන් ඉවතට

තවත් බාල ඖෂධ හා ශල්‍ය උපකරණ 8ක් භාවිතයෙන් ඉවතට

තවත් බාල ඖෂධ හා ශල්‍ය උපකරණ 8ක් භාවිතයෙන් ඉවතට

තවත් බාල ඖෂධ හා ශල්‍ය උපකරණ 8ක් භාවිතයෙන් ඉවතට