April 22, 2024 12:00 pm
Facebook
Twitter
WhatsApp
තැඹිලි වගා ආදර්ශ ගම් 85ක් නම් කෙරේ

තැඹිලි වගා ආදර්ශ ගම් 85ක් නම් කෙරේ

තැඹිලි වගා ආදර්ශ ගම් 85ක් නම් කෙරේ

දිවයිනේ ගම්මාන 85ක් තැඹිලි වගා ආදර්ශ ගම්මාන ලෙස නම් කිරීමට කටයුතු යොදා ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ පළමු තැඹිලි වගා ආදර්ශ ගම්මානය ලෙස හෝමාගම, දාම්පේ ප්‍රදේශය තෝරාගෙන තිබේ. මෙම ගම්මාන 85 සදහා තැඹිලි පැළ 50,000ක් බෙදාදීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ පළමු තැඹිලි වගා ආදර්ශ ගම්මානය වන දාම්පේ ගම්මානයේ පවුල් 100කට තැඹිලි පැළ බෙදාදීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර, ජනමාධ්‍ය හා ප්‍රවාහන කටයුතු ඇමැති බන්දුල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් එම ගම්මානයේදී ඊයේ (27 වැනිදා) සිදු කෙරිණි.

මෙරට තැඹිලි සඳහා අන්තර්ජාතිකව ඉහළ ඉල්ලුමක් ඇතත්, එම ඉල්ලුමට සරිලන පරිදි සැපයුම් කිරීමට නොහැකි වී ඇතැයි ඇමැති මහින්ද අමරවීර එහිදී පැවැසීය.

තැඹිලි මෙරටට ආවේණික ශාකයක් වූවත්, එය වැවිලි බෝගයක් ලෙස මෙතෙක් ව්‍යාප්ත කර නැතැයිද ඇමැතිවරයා කීවේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

තැඹිලි වගා ආදර්ශ ගම් 85ක් නම් කෙරේ

තැඹිලි වගා ආදර්ශ ගම් 85ක් නම් කෙරේ

තැඹිලි වගා ආදර්ශ ගම් 85ක් නම් කෙරේ

තැඹිලි වගා ආදර්ශ ගම් 85ක් නම් කෙරේ