June 15, 2024 1:02 am
Facebook
Twitter
WhatsApp
දක්ෂිණ අධිවේගයේ පස් ඉවත් කිරීම අවසන් අදියරේ

දක්ෂිණ අධිවේගයේ පස් ඉවත් කිරීම අවසන් අදියරේ

දක්ෂිණ අධිවේගයේ පස් ඉවත් කිරීම අවසන් අදියරේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදූව අතර 102 කිලෝමීටර් කණුව ආසන්නයේ නායයෑමට ලක්වූ කොටසේ පස් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුකෙරෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

පස් ඉවත් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින අතර රථවාහන ගමනාගමනය සඳහා මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව එම අධිකාරිය සඳහන් කළේය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු අනෙකුත් විමර්ශන අංශ සිදුකරන පරික්ෂණවලින් පසු ලබාදෙන නිර්දේශ අනුව ඉදිරි පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දක්වමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අධ්‍යක්ෂ ආර්.ඒ.ඩී කහටපිටිය ප්‍රකාශ කළේ අදාළ මාර්ග කොටසේ නාය යැම් අවදානම තවදුරටත් සම්පුර්ණයෙන් පහව ගොස් නොමැති බවය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

දක්ෂිණ අධිවේගයේ පස් ඉවත් කිරීම අවසන් අදියරේ

දක්ෂිණ අධිවේගයේ පස් ඉවත් කිරීම අවසන් අදියරේ

දක්ෂිණ අධිවේගයේ පස් ඉවත් කිරීම අවසන් අදියරේ

දක්ෂිණ අධිවේගයේ පස් ඉවත් කිරීම අවසන් අදියරේ