March 3, 2024 12:30 pm
Facebook
Twitter
WhatsApp
දකුණු ආසියාවේ විශිෂ්ටතම මාතෘ රෝහල එන මස සිට ලංකාවේ..

දකුණු ආසියාවේ විශිෂ්ටතම මාතෘ රෝහල එන මස සිට ලංකාවේ..

දකුණු ආසියාවේ විශිෂ්ටතම මාතෘ රෝහල එන මස සිට ලංකාවේ..

දකුණු ආසියාවේ තිබෙන විශිෂ්ටතම මාතෘ රෝහල වන කරාපිටිය නව මාතෘ රෝහල මාර්තු මස දිනෙක සෞඛ්‍ය සේවාවට එක්වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බහු ‍කාර්ය සංවර්ධන සහායක පුහුණුලාභීන් වශයෙන් බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ 93 දෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය කාර්ය සහායක (කණිෂ්ඨ III) ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කරමිනි.

බහු ‍කාර්ය සංවර්ධන සහායක පුහුණුලාභීන් වශයෙන් බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ 93 කට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය කාර්ය සහායක (කණිෂ්ඨ III) ශ්‍රේණියේ තනතුරට බදවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

2024.01.05 සහ 06 යන දෙදින පවත්වන යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරික්ෂණයෙන් සමත් 93 දෙනෙකු 2024.02.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස සෞඛ්‍ය කාර්ය සහායක තනතුරට පත්කෙරිණි.

මෙම පත්වීම්ලාභීලාභීන් සේවා අවශ්‍යතාවය මත රෝහල් හා සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මහමෝදර මාතෘ රෝහල දකුණු ආසියාවේ තිබෙන විශිෂ්ටතම මාතෘ රෝහල බවට පත් කරමින් මාර්තු මස දිනෙක කරාපිටියට ගෙන යන‍ බවත්, දැනට එහි වැඩකටයුතු සියයට 99 ක් ම අවසන්ව තීබෙන බවත් ය.

2006 වසරේ දී මෙම රෝහලේ ඉදිකිරීම් ආරම්භව 2007 වර්ෂයේ දී ඉදිකිරීම් කටයුතු නතර වී තිබුණ බවත්, 2010 වර්ෂයේ තමන් පාර්ලිමේන්තු යන විටත් එහි වැඩකටයුතු ආරම්භ නොතිබුණ බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එදා සිට තම ප්‍රමුඛ අරමුණ වූ‌යේ මෙම රෝහලේ වැඩකටයුතු අවසන් කිරිම බවත් 2012 වසරේ දී නැවත ණය මුදලක් ලබාගෙන තට්ටු 06 කට අදාළ නව සැලැස්මකට අනුව 2015 දී වැඩකටයුතු ආරම්භ කළ නමුත් කොවිඩ් අර්බුදය, වෛද්‍ය සහ ශල්‍ය උපකරණ ගෙන්වීම ඇතුලු ගැටලු ගණනාවක් මතු වුන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

අද වන විට ඇදන් 600 කින් යුත් නවීන පහසුකම්වලින් යුක්තව ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්ථානය වැනි කිසිම රටක නැති දකුණු ආසියාවේ තිබෙන විශිෂ්ටතම මාතෘ රෝහල බවට නොබෝ දිනකින් පත්වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

– Media unit

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

දකුණු ආසියාවේ විශිෂ්ටතම මාතෘ රෝහල එන මස සිට ලංකාවේ..

දකුණු ආසියාවේ විශිෂ්ටතම මාතෘ රෝහල එන මස සිට ලංකාවේ..

දකුණු ආසියාවේ විශිෂ්ටතම මාතෘ රෝහල එන මස සිට ලංකාවේ..

දකුණු ආසියාවේ විශිෂ්ටතම මාතෘ රෝහල එන මස සිට ලංකාවේ..