September 21, 2024 7:29 am
Facebook
Twitter
WhatsApp
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ජාත්‍යන්තරයට ගිහින් මම හිඟාකෑවා

දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ජාත්‍යන්තරයට ගිහින් මම හිඟාකෑවා

දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ජාත්‍යන්තරයට ගිහින් මම හිඟාකෑවා

රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැලපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ අධ්‍යාපන ක්‍රමයකින් තරඟකාරී ලෝක වෙළෙඳපොළට අවශ්‍ය වෘත්තිකයන් බිහිකළ හැකි බවයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ නොමිලේ පාසල් පෙළ පොත් හා පාසල් නිල ඇඳුම් රෙදි බෙදාදීමේ ජාතික වැඩසටහනට එක්වෙමිනි. 

එම උත්සවය අද (14) පෙරවරුවේ කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ දී පැවැත්විණි.

විභාග බර අඩු කර ඉංග්‍රීසි සහ තාක්ෂණ විෂයන් අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරමින් රැකියාවට සුදුසු දරුවෙක් බිහි කිරීමට අපේක්ෂා කරන බවත්, නව වෘත්තීය විද්‍යාල හා තාක්ෂණ විශ්වවිද්‍යාල ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙලෙස පැවසීය,

“2022,2023 වර්ෂ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ. අපි දන්නවා මෙතෙන ඉන්ධන පිරවුම්හල ළඟ තිබුණ දේවල්. විදුලිබලය තිබුණේ නෑ. කොහෙන්ද තෙල් හොයාගන්නේ කියලා දෙමව්පියෝ බලනවා. ආහාර නෑ. හරි අමාරුවෙන් අපි ගියේ. මම හිතන්නේ නෑ කවුරුත් ඒ යුගයට යන්න කැමතියි කියලා. ඒ යුගයට යන්න කැමති අය අතඋස්සන්න කිව්වොත් කවුරුත් අත උස්සන්නේ නෑ. ඒක වුණේ අපේ කාලේ. ඔයාලා ශිෂ්‍යයින් වෙලා ඉන්න කාලේ. මම බලන්නේ ආපහු ඔබේ අනාගතයේ දී මෙය නොවෙන ආකාරයෙන් ශක්තිමත් ආර්ථිකයක් හදලා දෙන්න. ආපහු වැඩිහිටි වුණාම තෙල් හොයාගෙන යන්න වැඩක් නෑ. රැකියා නැතිවෙන්න වැඩක් නෑ. ඒ ඔක්කෝම නැතුව ශක්තිමත් ආර්ථිකයක් හොයලා දෙන්න මේක ඉදිරියට යන්න. අපිට මේ කාලේ රටවලින් සල්ලි ඉල්ලන්න වුණා. මම අකමැත්තෙන් හෝ ගිහින් හිඟාකෑවා. ඔබට අනාගතයක් ලබලා දෙන්න. මම හිතන්නේ නෑ ඔබලා වැඩිහිටියන් වූ සමාජයක ආණ්ඩුව ගිහින් හිඟාකනවාට.”

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us