March 3, 2024 10:21 am
Facebook
Twitter
WhatsApp
දරු‌වොත් එක්ක ඉන්න තාත්තලාගේ ආයුෂ වැඩිවෙයි

දරු‌වොත් එක්ක ඉන්න තාත්තලාගේ ආයුෂ වැඩිවෙයි

දරු‌වොත් එක්ක ඉන්න තාත්තලාගේ ආයුෂ වැඩිවෙයි

කුඩා කළ පටන් දරුවන්ගේ සංවර්ධනයට දායක වන තාත්තලාගේ ආයු කාලය වැඩිවන බවට විද්‍යාත්මකව සොයාගෙන ඇතැයි ළමා සංවර්ධන හා විශේෂ අවශ්‍යතා ඒකකයේ ජාතික වැඩසටහන් කළමනාකරණ නිලධාරි විශේෂඥ වෛද්‍ය ආසිරි හේවාමාලගේ පවසන්නීය.

කුඩා දරුවකුගේ සංවර්ධනයට මවගේ පමණක් නොව පියාගේත් ලොකු දායකත්වයක් සිදුවුවද තාත්තලා දරුවන් රැකබලා ගැනීමේදී එයට අම්මලා ඉඩ නොදෙන අවස්ථා බොහොමයක් වාර්තා වී ඇතැයි ඇය කීවාය.

එමෙන්ම දරුවන් රැක බලාගැනීමට තාත්තලා කැමැති වුවද එයට අම්මලා සහ නැන්දම්මලාගෙන් වැඩි විරෝධයක් එල්ල වන බවට පසුගිය දිනවලදී කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බවද ඇය සඳහන් කළාය.

එහෙත් ඇය පවසන්නේ දරුවකුගේ සංවර්ධනයට කුඩා කාලයේ සිටම දායක වෙන තාත්තලාගේ ආයු කාලය වැඩි බවට විද්‍යාත්මක දත්ත අනුව සොයාගෙන ඇතැයිද දරුවන් සම්බන්ධයෙන් තාත්තලාගේ දායකත්වයේ විශාල වැදගත්කමක් ඇති බවයි.

මෙතෙක් කලකට අම්මෙක් තාත්තෙක් වෙන්න ඕනෑ කෙසේද යන්න ගැන ඉගැන්වීම අවශ්‍ය වූයේ නැතත් දැන් එසේ ඉගැන්විය යුතු අවශ්‍යතාවක් රටේ ඇතැයිද දරුවන් සමග අම්මලා සහ තාත්තලා සෙල්ලම් කළ යුතු ආකාරය, පොත්පත් කියවන ආකාරය, දරුවන්ට කතා කරන ආකාරය පවා නිසි ආකාරව නොදන්නා බවද වෛද්‍යවරිය පැවසුවාය.

දරුවන් සමග කාලය ගත කිරීමේදී අම්මා සහ තාත්තාත් සතුටුවී දරුවන් සමග කාලය ගත කරන්නේ කෙසේදැයි යන්න ගැන දැන් ඉගැන්විය යුතුව ඇතැයිද මෙවැනි කාරණා බොහොම සරල ඒවා බවට හැඟී ගියද කුඩා දරුවන්ගේ සංවර්ධනය නිසි ආකාරව සිදුවෙන්නේ මේ දේවල් නිවැරදිව කළහොත් පමණක් බවද ඇය අවධාරණය කළාය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

දරු‌වොත් එක්ක ඉන්න තාත්තලාගේ ආයුෂ වැඩිවෙයි

දරු‌වොත් එක්ක ඉන්න තාත්තලාගේ ආයුෂ වැඩිවෙයි

දරු‌වොත් එක්ක ඉන්න තාත්තලාගේ ආයුෂ වැඩිවෙයි

දරු‌වොත් එක්ක ඉන්න තාත්තලාගේ ආයුෂ වැඩිවෙයි