June 14, 2024 11:32 pm
Facebook
Twitter
WhatsApp
දිලිත් ජයවීරලා පාර්ලිමේන්තු හන්දියේ විරෝධතා…

දිලිත් ජයවීරලා පාර්ලිමේන්තු හන්දියේ විරෝධතා…

දිලිත් ජයවීරලා පාර්ලිමේන්තු හන්දියේ විරෝධතා…

යෝජිත විදුලිබල පනත ජනාධිපතිවරයාට තවත් විකුණුම් ජාවාරමකට පාර කැපීමක් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ යෝජිත විදුලි පනතට එරෙහිව “සර්වජන බලය” සන්ධානය අද දින (05) බත්තරමුල්ල දියත උයන අසල පැවැත්වූ නිහඩ උද්ඝෝෂණය අතරතුරදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ ප්‍රකාශකර සිටියේය.

යෝජිත විදුලිබල පනතට එරෙහිව සර්වජන බලය පාරට බැස්සේ ඒ පනත අකුල ගන්න කියලා ආණ්ඩුවට බල කරන්න. මොකද බලශක්ති සුරක්ෂිතතාවය කියන්නේ ජාතියක ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නයක්. ස්වෛරීභාවය පිළිබඳ ප්‍රශ්නයක්. අපි දැක්කා මීට අවුරුදු දෙකකට කලින් පැය දොළහක් විදුලිය කැපුණහම ජනතාව පැහැරට බැහැලා ජනාධිපතිවරයාට ගෙදර යන්න සිද්ධ වුණා.

ඒ නිසා බලශක්ති ක්ෂේත්‍රය විදේශිකයන් අතට ගියොත් මේ රට පාලනය කරන්නේ ඔවුන් බවට පත්වෙනවා. රටේ බලශක්ති සැපයුමෙන් 20%ක් විදේශිකයන් සතු වුණත් එම 20% නිවා දැමුවම පද්ධති අසමතුලිත තාවය හේතුවෙන් මුළු රටේම විදුලිය නොමැති වෙනවා.

ඒ නිසා 20%ක් විදේශිකයන් සතු වුණත් රට පාලනය කරන්න එය ප්‍රමාණවත්. නමුත් විදේශිකයන්ට ලබාගත හැකි උපරිම සීමාවක් මෙහි තීරණය කරල නෑ. සමාගම් ගණනාවක් හරහා පුද්ගලයෙකුට බලශක්තිය පාලනය කිරීමේ හැකියාව මේ පනත හරහා ලබා දී තියෙනවා.

මේක වික්‍රමසිංහගේ තවත් විකුණුම් ජාවාරමකට පාර කපලා තියෙන පනතක්. ඒ වගේම රටට ආදරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැමෝම, රටට ආදරේ හැට නම ලක්ෂයේ ජනවරම ඇති පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් විශේෂයෙන්ම මේ පනතට විරුද්ධව අත එසවිය යුතුයි.

ඒ මොකද සෟභාග්‍යයේ දැක්මට පටහැනිවයි මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා මේ පනත ගෙනැවිත් තියෙන්නේ. පනත ගේන්න මේ ආණ්ඩුවට ජනවරමක් නැහැ. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් විශේෂයෙන්ම මේ පනතට එරෙහිව අත උස්සලා තමන් හැට නම ලක්ෂයට ලබා දුන් පොරොන්දුව සුරැකිය යුතුයි කියලා අප බලකර ප්‍රකාශ කර සිටිනවා.

පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, මව්බිම ජනතා පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, යුතුකම ජාතික සංවිධානය හා ස්වාධීන මන්ත්‍රී සංසදය යන “සර්වජන බලය” සන්ධානයට අයත් දේශපාලන පාර්ශව 07ක් යෝජිත විදුලි පනතට එරෙහිව අද (05) දින බත්තරමුල්ල දියත උයන අසලින් අරඹනු ලැබූ මෙම නිහඩ උද්ඝෝෂණය සදහා එක්වූහ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

දිලිත් ජයවීරලා පාර්ලිමේන්තු හන්දියේ විරෝධතා…

දිලිත් ජයවීරලා පාර්ලිමේන්තු හන්දියේ විරෝධතා…

දිලිත් ජයවීරලා පාර්ලිමේන්තු හන්දියේ විරෝධතා…

දිලිත් ජයවීරලා පාර්ලිමේන්තු හන්දියේ විරෝධතා…