පොතුහැර සහ පොල්ගහවෙල දුම්රිය ස්ථාන අතරදී කාර්යාල දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ.
දුම්රිය බලධාරීන් සදහන් කළේ කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති කාර්යාල දුම්රියක් මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි.
මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇත.