March 3, 2024 10:32 am
Facebook
Twitter
WhatsApp
දේශීය ඖෂධ මිලදී ගැනීමේ මිල තීරණය කිරීම තනි කමිටුවකට

දේශීය ඖෂධ මිලදී ගැනීමේ මිල තීරණය කිරීම තනි කමිටුවකට

දේශීය ඖෂධ මිලදී ගැනීමේ මිල තීරණය කිරීම තනි කමිටුවකට

දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ ලබා ගැනීමේදි මෙතෙක් ක්‍රියාත්මක කළ මිල කමිටු දෙක අහෝසිකර එක් කමිටුවකින් මිල තීරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව හා වෛද්‍ය සැපයුම් අංශය මගින් දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ ලබා ගැනීමේදි මෙම මිල කමිටු දෙක ක්‍රියාත්මක විය.

ඖෂධ සැපයුම්කරුවන්ට මුදල් ගෙවිමේදි විධිමත් ක්‍රමයක් අනුගමනය කරන ලෙසටද ඇමැතිවරයා මෙහිදි උපදෙස් දී ඇත.

රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට මෙරටට අවශ්‍ය ඖෂධ නිවැරැදි ක්‍රමවේද මත ගෙන්වීමට කටයුතු කරන ලෙස සහ අක්ෂි කාච, ස්ටෙන්ට්ස් සිරින්ජර වැනි උපකරණ කෙරෙහිද වැඩි අවධානයක් යොමු කරන ලෙසද ඇමැතිවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම නිසි ප්‍රමිතියකට කටයුතු නොකරන ඖෂධ සමාගම් අසාදුලේඛන ගත කිරීමට කටයුතු කරන බවත් මෙය සෑම ක්ෂේත්‍රයකටම අදාළ විය යුතු බවත් හෙතෙම පැවැසීය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us