හෙට දිනයේ සිට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ලක්ෂයකට අධික ප්‍රමාණයක් වැඩ වර්ජන හා විරෝධතා වල නිරත වීමට සූදානමින් සිටී.
සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ මහතා සඳහන් කරන්නේ වෛද්‍යවරුන්ට ලබා දී ඇති රුපියල් තිස් පන්දහසක DAT දීමනාව සෙසු සෞඛ්‍ය සේවයකයන්ට ද ලබාදෙන ඉල්ලමින් මෙම විරෝධතා පවත්වන බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී විරෝධතාවක යෙදුණු ඔවුන් එහිදී මේ බව කියා සිටියහ.
තම ඉල්ලීම් වලට විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් බලාපොරොත්තුවෙන් සිටින බවත් රජය හෝ මුදල් අමාත්‍යංශය පාර්ශවයෙන් මෙය විසඳාගැනීමට අපොහොසත් වන්නේ නම් හෙට දිනයේ සිට සෞඛ්‍ය වෘත්තීය සමිති හැත්තෑ දෙකක් ඒකාබද්ධව ලක්ෂයකට අධික සෞඛ්‍ය කාර්යමණ්ඩලය වැඩ වර්ජන ක්‍රියාමාර්ග හා විරෝධතාවල නිරත වන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.