පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහභාගී වූ දිවුලපිටියේ දී පැවැති ගම්පහ දිස්ත්‍රික් නියෝජිත හමුවට සහභාගිව සිටියේ දිස්ත්‍රික්කය නියෝජනය කරන චම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පමණි.
මෙම හමුව 03 රාත්‍රී දිවුලපිටියේ උත්සව ශාලාවකදී පැවැත්විණි.
හමුව සංවිධානය කළ දිවුලපිටිය ආසන සංවිධායක විදුලිබල රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යන මහත්වරුන් සමග කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද මෙම හමුවට එක්ව සිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන් හා උපසභාපතිවරුන් දොළොස් දෙනෙකු ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වී සිටි අතර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සරත් කුමාර ගුණරත්න, සරණ ගුණවර්ධන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන නෙලුක් දර්ශන මල්ලව, ඒ. සකා උල්ලා, ආනන්ද හරිස්චන්ද්‍ර, මෙරිල් පෙරේරා, රජිත හපුආරච්චි යන නියෝජිතයෝ ද එක්ව සිටියහ.
කැලණිය, ජා ඇල,දොම්පේ, මහර, ගම්පහ ප්‍රාදේශීය සභාවන්හි සහ ගම්පහ හිටපු නගර සභාපතිවරයා මෙම හමුවට එක් වූ අතර යගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා විදේශගත වීම හේතුවෙන් සහභාගිවීමට නොහැකි බව දන්වා ඇතැයි එහිදී දැනගන්නට ලැබිණි.
බියගම, කටාන, මීරිගම, අත්තනගල්ල හා පෑලියගොඩ පළාත් පාලන ආයතන නියෝජනය කළ උපසභාපතිවරුද මෙම හමුවට එක්ව සිටියහ.
නියෝජිතයින්ගේ අභ්‍යන්තර හමුවක් ලෙස පැවති මෙම රැස්වීම වරින් වර මාධ්‍යයට ද නිරාවරණය කරනු ලැබීය.