March 3, 2024 11:24 am
Facebook
Twitter
WhatsApp
නිවාස වහලවල සෝලා සවිකර වහලවල අයිතිය ව්‍යාපාරිකයකුට.

නිවාස වහලවල සෝලා සවිකර වහලවල අයිතිය ව්‍යාපාරිකයකුට.

නිවාස වහලවල සෝලා සවිකර වහලවල අයිතිය ව්‍යාපාරිකයකුට.

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයාව සිටිය දී දිවයින පුරා වැඩ ආරම්භ කර එහෙත් අවසන් කිරීමට නොහැකි වූ උදා ගම්මාන 2150ක නිවාස 39815ක වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීමට වත්මන් නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කටයුතු කරන බවට ප්‍රකාශ කරමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය දැකීමෙන් අතිශය සතුටට පත්වීමි.

නමුත් එම මාධ්‍ය නිවේදනය තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අසත්‍ය චෝදනාවක් එල්ල කරමින් කියා ඇත්තේ 2015-2019 කාලය තුළ උදා ගම්මාන 2158ක නිවාස ඒකක 42610ක වැඩ ආරම්භ කර ඇති මුත් ඒවායේ වැඩ අර්ධ වශයෙන් අවසන් කර ඇති බව යි. බොහෝමයක් නිවාස පදිංචියට නුසුදුසු තත්ත්වයේ පවතින බවද එහි සඳහන් ය.

මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එයට හේතු ලෙස කියා සිටින්නේ වත්මන් රජය බලයට පත්වු වහාම දේශපාලන පළිගැනීම් යටතේ නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට අදාළව සිදු කරමින් පැවැති සංවර්ධන කටයුතු සියල්ල නතර කිරීමට හිටපු ජනාධිපතිවරයා නියෝග කිරීම යි.

2015 සිට 2018 දක්වා වූ කාලය තුළ ආරම්භ කරන ලද නිවාස ගම්මාන බොහෝමයක වැඩ අවසන් අතර 2019 වසරේ ආරම්භ කළ නිවාස ව්‍යාපෘති 2019 නොවැම්බර් මස එතුමා අමාත්‍ය ධුරයෙන් සමුගන්නා තෙක් සාර්ථකව ක්‍රියාත්මක වූ නමුත් ඉන් පසුව බලයට පත් වූ රජය මුදල් නිකුත් නොකිරීම නිසා එහි වැඩකටයුතු නතර විය. හිටපු ජනාධිපතිවරයා සහ වත්මන් රජය දේශපාලන පළිගැනීම් අරමුණු කර ගෙන සංස්කෘතික අරමුදලේ වැඩකටයුතු ද ජනාධිපතිවරණයෙන් පසු අත්හිටුවීමට ගත් අමනෝඥ තීන්දුව තුළින් එය මනාව පැහැදිලි වේ. සංස්කෘතික අරමුදලේ වැඩ කටයුතු නතර කළා සේම නිවාස අමාත්‍යාංශය විසින් සිදු කර ගෙන පැමිණ උදා ගම්මාන ඇතුළු ග්‍රාමීය නිවාස ඉදිකිරීමේ කටයුතු ද නතර කරමින් ජනතාවගේ නිවාස සිහිනය බොඳ කිරීමට කටයුතු කළේය.

හිසට වහළක් නොමැති දහස් ගණනක් ශ්‍රී ලාංකේය ජනතාවගේ නිවාස සිහිනය සැබෑවක් කිරීමට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ පවා ක්‍රියාත්මක වූ නිවාස ව්‍යාපෘති වැඩසටහන් ඉන් පසු රජයන් යටතේ වසර ගණනාවක් පුරා නතර විය. එහෙත් 2015 යහපාලන රජය සමයේ සිට සජිත් ප්‍රේමදාස මහතා විසින් ග්‍රාමීය නිවාස ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට කටයුතු කළ අතර එම වැඩපිළිවෙලේ දී කිසිදු අවස්ථාවක විද්‍යාත්මක සහ ප්‍රසම්පාදන ක්‍රමවේදවලින් බැහැර වීමට කටයුතු නොකළ බව දැක්විය යුතුමය. සැබවින්ම නිවසක් අවශ්‍ය අසරණ ජනතාව සොයා ගැනීමට මෙන් ම නිවාස ණය ලැබිය යුතු ජනතාව සොයා ගැනීමේ දී ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් ලබා දුන් ප්‍රමුඛතා ලේඛනය අනුව කටයුතු කළ අතර එහි දි කිසිදු දේශපාලන බලපෑමක් නොවීමට ද වගබලා ගත්තේය.

එසේ ම පසුගිය රජය කාලයේ නිවාස අමාත්‍යවරයාගේ විෂය පථයට අයත් වූයේ ග්‍රාමීය නිවාස සම්බන්ධ වගකීම වන අතර අනෙකුත් නිවාස ව්‍යාපෘති වෙනත් අමාත්‍යවරුන් යටතට අයත් වී තිබුණි. එසේම මෙම නිවාස ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් විසින් සිදු නොකළ අතර ප්‍රජා මූලිකව එම නිවාස ඉදිකිරීම් කටයුතු සිදු විය. ඒ සඳහා අවශ්‍ය මුදල් සැපයීම පමණක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඉටු කළේය.

එසේ ම අදාළ නිවාස ඉදිකිරීම සඳහා මුදල් නිකුත් කර සිටියේ අදියර කිහිපයක් යටතේ වන අතර එම අදියර සඳහා මුදල් නිකුත් කර සිටියේද රාජ්‍ය නිලධාරීන්ගේ නිසි අධීක්ෂණයෙනි. එබැවින් මෙහි දී කිසිදු මූල්‍ය වංචාවක් හෝ එවැනි ආකාරයක යමක් සිදු නොවූ බවට සාක්ෂි සාධක සතු බවත් දැන්විය යුතුමය.

එමෙන්ම මෙම මාධ්‍ය නිවේදනය තුළ සූර්ය පැනල නිවාස ව්‍යාපෘතිය සහ ගමට බලාගාරයක් වැඩසටහන යටතේ විදේශීය අයෝජකයකු හරහා එම නිවාස ඉදිකිරීම සිදු කරන බව පවසා ඇති අතර එමඟින් අදාළ නිවාසයන්හි වහලය සූර්ය බලශක්ති සමාගමකට විකිණීමට සූදානමක් පවතින්නේද යන සැකය මතු වේ.

සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයා ලෙස සිටිය කාලයේ දී සූර්ය පැනල ව්‍යාපෘතිය එක් ගම්මානයක අත්හදාබැලීමක් ලෙස ක්‍රියාත්මක කළත් රජය වෙනස් කිරිම නිසා මෙම ව්‍යාපෘතිය දිගුකාලීන ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. එහි දී නිවාසවල වහලය මත සූර්යපැනල සවි කර එම ප්‍රතිලාභ ජනතාවට ලැබෙන ආකාරයට සකස් කළත් වත්මන් රජය විසින් එම නිවාස ව්‍යාපෘතිවල වහලයේ අයිතිය වෙනත් ව්‍යාපාරිකයකුට ලබා දීමේ කූඨ උපක්‍රමයක නිරත වන බව පෙනී යයි.

සජිත් ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාත්මක කළ සූර්ය පැනල ව්‍යාපෘතිය යටතේ උත්පාදන වන විදුලිය අදාළ නිවසේ පරිභෝජනයට ගෙන අතිරික්ත විදුලිය විදුලි බල මණ්ඩලයට විකුණා නිවාස හිමියාට මුදල් ඉපැයීමේ හැකියාවක් තිබූ නමුත් මෙම නව ව්‍යාපෘතිය යටතේ වහලේ අයිතිය පෞද්ගලික ව්‍යාපාරිකයකුට ලබා දීමේ වැඩසටහනක් බව පෙනී යයි. එය පුනකරි සුරිය පැනල මගඩියට නොදෙවෙනි විය හැකි බව ද අවධාරණය කරන්නෙමි.

හුදෙක් චරිත ඝාතනය කිරීමේ අරමුණින් එල්ල කරන මෙම අසත්‍ය චෝදනාවලට සාක්ෂි සහිතව ඕනෑම අවස්ථාවක පිළිතුරු ලබා දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සූදානම් බවද මින් දන්වා සිටිමි.

– Media unit

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

නිවාස වහලවල සෝලා සවිකර වහලවල අයිතිය ව්‍යාපාරිකයකුට.

නිවාස වහලවල සෝලා සවිකර වහලවල අයිතිය ව්‍යාපාරිකයකුට.

නිවාස වහලවල සෝලා සවිකර වහලවල අයිතිය ව්‍යාපාරිකයකුට.

නිවාස වහලවල සෝලා සවිකර වහලවල අයිතිය ව්‍යාපාරිකයකුට.