June 14, 2024 11:43 pm
Facebook
Twitter
WhatsApp
නුවරඑළිය රෝහලේ අක්ෂි සැත්කම් කළ රෝගීන්ගේ පෙනීම අහිමි වෙයි

නුවරඑළිය රෝහලේ අක්ෂි සැත්කම් කළ රෝගීන්ගේ පෙනීම අහිමි වෙයි

නුවරඑළිය රෝහලේ අක්ෂි සැත්කම් කළ රෝගීන්ගේ පෙනීම අහිමි වෙයි

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් කිහිපදෙනෙකුටම පෙනීම අහිමි වීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

රෝගීන් පවසන්නේ අදාළ ශල්‍යකර්ම සිදුකිරීමෙන් පසු තමන්ට ඇස් නොපෙනීම නිසා යළි රෝහලට ඇතුළත්වීමට සිදුවූ බවයි.

එලෙස නුවරඑළිය රෝහලේ අක්ෂි ශල්‍යකර්මවලින් අනතුරුව පෙනීම අහිමිවී ගිය තවත් රෝගීන් 06 දෙනෙකු පමණ ප්‍රතිකාර ගන්නා බවයි වාර්තා වන්නේ.

ජාතික අක්ෂි රෝහලේ ඖෂධයක් භාවිත කිරීමෙන් පසු ඇතිවූ සංකූලතා හේතුවෙන් පසුගියදා තාවකාලිකව එහි ශල්‍යකර්ම සිදුකිරීම නතර කෙරුණා.

ඉන්දියාවෙන් ආනයනය කළ බව කියන ප්‍රෙඩ්නිසිලෝන් ඖෂධය භාවිත කිරීමෙන් පසු මෙම සංකූලතාවය ඇති වූ බව සඳහන්.

එම ඖෂධ සාම්පල, ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කිරීමෙන් පසු මතභේදයට තුඩුදුන් අදාළ ඖෂධ කාණ්ඩය රෝහල්වලින් ඉවත් කිරීමටද පියවර ගනු ලැබුවා.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us