පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.
තවත් පුද්ගලයින් 05 දෙනෙකු අතුරුදන්ව ඇති බව ද ඔහු සඳහන් කළේය.
මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 2,313කට අයත් පුද්ගලයින් 23,707 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇති බවත් ඔවුන් මේ වනවිට තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවල නවතා ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.